Tuesday, July 1, 2014

නෙදර්ලන්තය මැක්සිකෝවෙන් ජයග්‍රහණය උදුරා ගනී





නෙදර්ලන්ත මැක්සිකෝ තරඟයේ නෙදර්ලන්තය ඉදිරුයෙන් සිටියද ප්‍රථම ගෝලය වාර්ථා කලේ මැක්සිකෝවේ දොස් සන්ටොස්ය. 


ඒ අර්ධ කා‍ලයෙන් පසු 48 වන විනාඩියේදීය. එතැන් පටන් ආරක්‍ෂාවට මු‍ල් තැන් දුන් මැක්සිකෝව නෙදර්ලන්තයේ ප්‍රහාර ගණනාවක් වැලකූහ.



තරඟයේ්‍ 88වන විනාඩියේදී ආජන් රොබන්ගේ කෝණ පහරක්, ප්‍රහාරක මෙම්පිස් ඩිපේ විසින් හිසින් මැද කලාපයට යොමු කල අතර වේගයෙන් ඉදිරියට ආ වෙස්ලි ස්නයිඩර් තරඟය සම කිරීමේ ගෝලය ලබාගත්තේය.  ඒ වන තු‍රුම තරඟයේ ජයග්‍රහණය තිබුණේ මැක්සිකෝව අතය.




92 වන විනාඩියේ මැක්සිකෝ නායක, ආරක්‍ෂක මාකස්, ආජන් රොබන් දඬුවම් කොටුවේ වැට්ටවීම නිසා නෙදර්ලන්තයට දඬුවම් පහරක් හිමිවුනි. ආදේශක ප්‍රහාරක ජාන් හන්ටෙලා ඉන් නෙදර්ලන්තයට ගෝලයක් ලබාදී තරඟය ජයග්‍රහණය කලේ මැක්සිකෝව හඬවා ලමිනි.

තරඟ කාලයෙන් 55%ක්, කෝණ 10ක් හා ඉලක්ක ප්‍රහාර 8ක් කල නෙදර්ලන්තයේ ගෝල ප්‍රහාර 5ක් වලකා ලීමට මැක්සිකෝව සමත්වූ මුත් අවසාන විනාඩි 2 දී ආජන් රොබන් දක්‍ෂ ලෙස ක්‍රීඩා කිරීමෙන් තරඟය වෙනස් වීය. නෙදර්ලන්තය මීලඟට හමුවන්නේ උරුගුවේ පරාජය කළ කොස්ටාරිකාවයි!

තරඟයේ වීරයා මැක්සිකෝවේ ගෝල රකින ඕචා! නමුත් තරඟය වෙනස්කළේ වෙස්ලි ස්නයිඩර්.

තරඟ වීඩියෝව

No comments: