Tuesday, July 1, 2014

කොලම්බියාවේ රොඩ්රිගස් රන් සපත්තු තරඟයේ පෙරමුණට!

2-0 ලෙස උරුගුවේ පරාජය කළ කොලම්බියාව තම ජයග්‍රහණය ලබාගත්තේ ප්‍රහාරක ජේම්ස් රොඩ්රිගස් තරඟාවලියේ රන් සපත්තු තරඟයේ ගෝල 5ක් සමගින් පෙරමුණට ගෙන එමිනි.



තරඟය පාලනය කල කොලම්බියාව එකම ගෝලයක් හෝ උරුගුවේට ලබා නොදුන්හ. 28 හා 50 වන විනාඩියේදී ගෝල ද්විත්වයක් ලබාගත් ජේම්ස් රොඩ්රිගස් තරඟයේ වීරයා වූයේය.




22 හැවිරිදි ජේම්ස් රොඩ්රිගස් ස්පාඤඤයේ මොනෑකෝ සමාජයේ මැදිපෙල හා ප්‍රහාරක ක්‍රීඩකයෙකි. රොඩ්රිගස් 2013 -14 තරඟ වාරයේදී තරඟ 38දී  ගෝ‍‍ල 10 ක් සහ සහය ගෝල 12 ක් ලබා ඇත. ඔහු ලොව වේගයෙන් නැගී එන ක්‍රීඩකයෙකි.

කොලම්බියාවට ඊලඟට හමුවන්නේ බ්‍රසීලයයි.

තරඟ වීඩියෝව

No comments: