Tuesday, July 1, 2014

දඬුවම් පහරින් බ්‍රසීලය චිලී පරාජය කරයි

බ්‍රසීලය සහ චිලී අතර තරඟයේදී දෙපසම උණුසුම් හා වේගවත් තරඟයක යෙදුනු අතර 18 වන විනාඩියේදී බ්‍රසීලයේ නේමා ලබාදුන් කෝණ පහරක් ගෝලයට යොමු කරමින් ආරක්‍ෂක ඩේවිඩ් ලුයිස්  ගෝලයක් ලබාගත්තේය.

ඊට මඳ වේලාවකට පසු 32 වන විනාඩියේදී බ්‍රසීලයේ හල්ක් වැරදි ලෙස දැමූ බොලයක් ලබාගත් චිලී කණ්ඩායමේ ඇලෙක්සිස් සන්චේස් ගෝලයේ්‍ වම් කෙලවරට එල්ල කරමින් ගෝලයක් ලබාගත්තේය.

එතැන් පටන් තරඟ කාලය සහ අමතර කාලය ගතවන තුරුම දෙපසටම ගෝල ලබාගැනීමට නොහැකි වූයේ ගෝ‍ල රකින්නන්ගේ දක්‍ෂතාවය නිසාය. 



තරඟයේ ප්‍රතිඵලයක් ලබාගැනීම පිණිස දඬුවම් ‍පහර ලබාදුන් අතර එහිදී බ්‍රසීලය 3-2 ලෙස චිලී පරාජය කලේය. බාසිලෝනා සමාජයේ ප්‍රහාරකයන් වන නේමා සහ ඇ‍ලෙක්සිස් සැන්චේස් අතර තරඟයක් වූ මේ තරඟයේදී ඇ‍ලෙක්සිස් සැන්චේස්ට දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි විය. තරඟයේ වීරයා බ්‍රසීලයේ ගෝල රකින ජූලියෝ සෙසාර් ය.

තරඟ වීඩියෝව

No comments: