Friday, June 27, 2014

මරණයෙන් නැගිට ආ කොස්ටාරිකාව ග්‍රීසිය සිදුරු කරාවිද?


කොස්ටාරිකාව D මරණයේ කාණ්ඩයේ ජයග්‍රාහකයා වී ලෝක කුසලානය කම්පනය කලා!ඔවුන් පරාජය වෙයි කියාහිතපු උරුගුවේ තරඟයේ 3-1ට ජයගත්තේ ගෝල රකින්නා කේලර් නවාස් ගේ දක්‍ෂතාවය සහ හොඳ ආරක්‍ෂක ක්‍රමවේදයක් තිබුණු නිසා සහ ප්‍රහාරයේ හැකියාව!



කොස්ටාරිකාව විසින් පරාජය කලේ උරුගුවේ සහ ඉතා‍ලිය! එංගලන්තය සමයි! ඒ තිදෙනාම හිටපු ලෝක ශූරයන්! ඒ තිදෙනාම කොස්ටාරිකාවෙන් ගත්තේ එක ගෝලයයි. කොස්ටාරිකාවට ගෝලයක් ගහන එක පහසු නෑ! කේලර් නවාස් ගේ දක්‍ෂතාවය !



කොස්ටාරිකාවේ බ්‍රයන් රුයිස්, ජෝ කැම්බල්, ක්‍රිස්ටියන් බොල්නාස්ට මැදපෙලින් හොඳට බෝලය ලැබෙනවා! ප්‍රහාරයේදී ඔවුන්ගේ පැති ආරක්‍ෂකයන් මෙන්ම මැදි ආරක්‍ෂකයන්ද පෙරට පැමිණෙනවා!




ග්‍රීසිය 16 දෙනාගේ වටයට ආවේ ඉතා අපහසුවෙන් ඔවුන් දක්‍ෂ ලෙස තම ගෝලය ආරක්‍ෂා කලත්, සුපිරි ප්‍රහාරකයක් නෑ! ඔවුන් ලබාගන ඇත්තේ ගෝල 2යි! ඒ අයිවරි කෝස්ට් තරඟයේදී! එකක් වැරදි විනිශ්චයකින් ලද දඬුවම් පහරක්! එන්නට තුබුණේ අයිවරි කෝස්ට් බව විචාරකයන් කීවේ!


කොස්ටාරිකාවට ග්‍රීසියේ ආරක්‍ෂක දැල සිදුරු කරගත හොත් ගෝල ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා! තරඟයේ වැඩි වාසිය කොස්ටාරිකාවට!

No comments: