Friday, June 27, 2014

චෙලීනි හැපූ සුවාරෙස් ලෝක කුසලානයෙන් එලියට!

ඉතාලිය හා උරුගුවේ අතර තරඟයේදී ඉතාලියේ චෙලීනි හපා කෑ උරුගුවේ හා ලිවර්පූල් ප්‍රහාරක සුවාරෙස්ට මාස 4 ක තරඟ තහනමක් පනවා තිබෙනවා ලෝක පාපන්දු සංගමය විසින්!  මීට පෙර ප්‍රීමියර් ලීගයේදී චෙල්සි ක්‍රීඩ බානිසලව් ඉවනොවික් හැපූ සුවාරෙස්ට තරඟ 10 ක තහනමක් පැණවිනි.

16 වටයේදී උරුගුවේ ජූනි 28 ඉරිදා අළුයම 1.30ට C කාණ්ඩයේ පෙරමුණ ගත් කොලම්බියාව සමග තරඟ කරයි. සුවාරෙස්ට උරුගුවේ කණ්ඩායමට ඉදිරි තරඟ ව‍‍ලට ක්‍රීඩා කිරීමට අවසර නෑ!




Luis Suárez



lලෝකය පුරාම මාධ්‍ය හා පාපන්දු ලෝලීන් සුවාරෙස්ගේ ක්‍රියාව පිලිබඳ දක්වා තිබෙන ප්‍රතිචාර මේ! 


නමුත් සුවාරෙස් කියන්නේ ඔහු චෙලීනී ගේ උරහිසේ හැප්පුනු  බවයි!
මේ වීඩියෝව බලා සිතන්න!




ඩොලර් 65000 ක දඩයක් සහ අන්තර්ජාතික තරඟ 9ක තහනමක් ඔහුට පණවා ඇති අතර මාස 4 කාලය තුල පාපන්දු ක්‍රීඩා කිරීම තහනම්. ලුවිස් සුවාරෙස් ලිවර්පූල් සමාජයෙන් පවුම් මිලියන 80කට මාරු කරගැනීමට බලාපොරොත්තුවූ බාසිලෝනා ක්‍රීඩා සමාජය දැන් එය පවුම් මිලියන 50කට ඉල්ලා ඇත. ලිවර්පූල් තම මුදල පවුම් මිලියන 75කට අඩුකර ඇත.

No comments: