Friday, June 27, 2014

ජූනි 29: නෙදර්ලන්තයේ ලෝක කුසලාන බාධකය මැක්සිකෝද?

නෙදර්ලන්තය ලෝක කුසලාන ගමන ආරම්භ කලේ ස්පාඤ්ඤය 5-1 ට පරාජය කරලා! දැනට ගෝල 10ක්! වැඩිම ගාන! 2010 ලෝක කුසලානය ඔවුන්ගෙන් ගිලිහී ගියේ එක ස්පාඤ්ඤයේ ගෝලයකින්!


නෙදර්ලන්තයෙන් ස්පාඤ්ඤය, චිලී, ඕස්ට්‍රේලියාව ලබාගත්තේ ගෝල 3යි! 
පිටියේ නෙදර්ලන්ත භාගයේ ක්‍රීඩකයන් නව දෙනකු නිතර සිටින්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ වරදක් සිදුවන තුරු! ඔවුන් බෝලය ලබාගන ආජන් රොබන් හෝ වැන් පර්සිට දානවා! විරිජ් දකුණෙන් හා ඉන්ඩි වමෙන්ද ප්‍රහාරක කලාපයට එනවා! ජන්මත්, ව්ලාර් පසුපසින්!


ඊට පිලිතුරක් B කාණ්ඩයේම තිබුනේ නෑ!

මැක්සිකෝව කඩා පනින ක්‍රමයකට හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක්! ඔවුන් බ්‍රසීලය 0-0 ට නතර කලා! නෙදර්ලන්ත ක්‍රමවේදයට මැක්සිකෝව ආජන් සහ වැන් පර්සිට හෙවනැල්ල වගේ සිටින ක්‍රීඩකයන් යොදාවි! 


මැක්සිකෝවේ ගෝල රකින්නා ගුලිමෝ ඕචා ඔවුන්ගේ වීරයා! දැනට බෙල්ජියමේ ගෝල රකින කෝටියස් සමග රන් අත්වැසුමට තරඟයක! ඔහු පැරදවීම නෙදර්ලන්තයේ ප්‍රථම අභියෝගය! 

කණ්ඩායම් දෙක හොඳින් ක්‍රීඩා කරන අතර මැක්සිකෝව බ්‍රසීලය සම වී, අනෙක් කණ්ඩායම් දෙක පරාජය කලා! නෙදර්ලන්තය B කාණ්ඩය සුණු විසුණු කලා! ගෝල 10ක්! නෙදර්ලන්තය 2010 නැතිවුන ලෝක කුසලානය ගන්න මේ වර ලැස්තිය. එහෙත් ඔවුන් මැක්සිකෝ බාධකය තරණය කළ යුතුයි!


No comments: