Thursday, June 26, 2014

ඇල්ජීරියාවේ ස්ලිමානි රුසියාව 16න් එලියට දමයි!

ඇල්ජීරියාව ලෝක කුසලානයට ආවේ ප්‍රථම වතාවට!
H කාණ්ඩයේ බෙල්ජියම, කොරියාව සහ රුසියාවට ඔවුන් අභියෝග කලා!
බෙල්ජියමට 1-2 නූලෙන් පරාදයි!
කොරියාව 4-1ට ජයග්‍රහණය කළා!
රුසියාවට අද ඔවුන් සමඋනා 1-1




ඇල්ජීරියාවේ ප්‍රහාරක ස්ලිමානි, මැදපෙල ෆෙගෝලි ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ අද තරඟයේ ඇල්ජිරියාව 47% ක කාලයක් බෝලය තබාගත්තා, ගොල ප්‍රහාර 8ක් එල්ල කළා! 6ක්ම ඉලක්කයට! ඔවුන් ක්‍රීඩා කලේ ලෝක කුසලාන අවසාන තරඟයකට වගේ!

රුසියාව එල්ල කල ප්‍රහාර 7කින් 6 ක් ඇලිජීරියාව වැලකුවා!  6 වන විනාඩියේදී රුසියාව ගෝලයක් ලබාගත්තා. තරඟය රුසියාව පැත්තේ තිබුනත් ඇල්ජීරියාව නොනවත්වාම ප්‍රහාර එල්ල කළා!

60 වන විනාඩියේදී ප්‍රහාරක ඉස්ලාම් ස්ලිමානි ගෝලයක් ලබාගන ඇල්ජීරියාව 16 වටයට එකතු කළා!

ඔවුන්ට 16 වටයේදී මුණ ගැසෙන්නේ ජර්මනිය!

ප්‍රහාරක ස්ලිමානි (13), මැද පෙල ෆෙගෝලි (10), බ්‍රාහිමී (11) , ආරක්‍ෂක බෙල්කලෙම් (4) දක්‍ෂ ලෙස ක්‍රීඩ ක‍ලා. බ්‍රාහිමී පසුගිය ලා ලීගයේ බාසිලෝනාව පරාජය කළ ග්‍රැනඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ස්මානි ස්පෝටිං ලිස්බන් ප්‍රහාරක! ඔහු අද තරඟයයේ වීරයා!

තරඟයේ වීඩියෝව මෙතනින්!

No comments: