Friday, June 27, 2014

ජූනි 28: උරුගුවේට සුවාරෙස් නැතිව කොලම්බියාව පරාජය කළ නොහැකිද?

උරුගුවේ කණ්ඩායම කොස්ටාරිකාව සමග කළ පළමු තරඟය පරාජය වූවේ සුවාරිස් නොමැතිව! සුවාරෙස් ක්‍රිඩා කල එංගලන්ත තරඟයේ ගෝල 2ක්!





ඉතාලිය 1-0 ලෙස පරාජය කළේ ආරක්‍ෂක දියාගෝ ගොඩින්! උරුගුවේ කණ්ඩායමේ බොහෝ අත්දැකීම් සහිතයි! ලෝකයේ සුපිරි කණ්ඩායම් වල ක්‍රීඩකයන්!






සුවාරෙස් සාධකය උරුගුවේට බ්‍රසීලයට නේමා වගේ! සුවාරෙස් වෙනුවට යොදවන ෆෝලාන් ප්‍රහාරකයකුට වඩා මැද පෙල ක්‍රීඩා කරන්නෙක්! එඩින්සන් කවානි ගෝල සහය! එක ගෝලයක් ලබා ගත්තා පරාජය වූ කොස්ටාරිකා තරඟයේදී දඬුවම් පහරකින්! සුපිරි ඉලක්ක කරුවෙක්!





කොලම්බියාව කාණ්ඩ වටයේදී ගෝල 9ක් ගසා ගෝල 3 ක් පමණක් දුන් කණ්ඩායමක්! දෙවැනි වූයේ ගෝල 10ක් ලබාගත් නෙදර්ලන්තයට පමණයි! කොලම්බියාව 16 වටයට ආවේ  කාණ්ඩයේ ජයග්‍රහකයා වෙලා! ජේම්ස් රොඩ්රිගස් ගෝල 3ක්! ඉතිරි 9 ක්‍රීඩකයන් 6 දෙනකු විසින්! කොලම්බියාවට ප්‍රහාරකයින් අඩුවක් නෑ! ඔවුන් ඉතා තරුණයි! වේගවත්! ප්‍රහාර කලාපයට කඩා වදිනවා වගේම පසු පසට ගොස් ආරක්‍ෂා කරනවා!

සුවරෙස් නැති තරඟයේ වැඩි වාසිය කොලම්බියාවට!

No comments: