Tuesday, June 17, 2014

මැක්සිකෝව සුපිරි බ්‍රසීලය 0-0 ට නවතයි!

බ්‍රසීල මැක්සිකෝ තරඟය පුරාම බ්‍රසීලය තරඟය පාලනය කළහ. ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහර අටක්ම වැලැක්වීමට තරඟයේ වීරයා වූ මැක්සිකෝවේ ගුලමෝ ඕචා සමත් විය. මැක්සිකෝවේ ආරක්‍ෂකයන් 4ක් 5ක් නිතරම නේමා සහ ෆ්‍රඩ් වලකා ලීමට කටයුතු කළහ. තරඟයේ 2 වන භාභයේ මැක්සිකෝව බ්‍රසීල ගෝල කලාපය ආක්‍රමණය කළද ඔවුන්ගේ පහරවල් නිසි එල්ලයට නොවීය.

තරඟයේ අවසාන කාලයේදී නේමා විසින් හිසින් එල්ල කල පහර ගෝල රේඛාවේදී ව‍ලකා ලීමට ගුලමෝ ඕචා සමත් විය.
බ්‍රසීලය දක්‍ෂතා දැක්වූ මේ තරඟයේදී බ්‍රසීලයේ ප්‍රහාරකයන් වූ ෆ්‍රෙඩ් හා ජෝගේ ගෝල ගැසීමේ දුර්වලතාවය නිසා ලකුණු නොලැබී ගියේය.
අතරඟය අවසානයේ මැක්සිකෝවට ලකුණු 1 කුත් බ්‍රසීලයට ලකුණු 1 කුත් හිමි විය. මේ අනුව ලකුණු 4 ක් සහිතව බ්‍රසීලය හා මැක්සිකෝව A කාණ්ඩයේ 1 හා 2 ස්ථාන වල සිටී. බ්‍රසීලයට කැමරූන් සමගද මෙක්සිකෝවට ක්‍රොඑ්ශියා තරඟ පවතී.

බ්‍රසීලයට පරාද වූ ක්‍රොඑ්ශියාව හා කැමරූන් තරඟයද, ක්‍රොඑ්ශියාව හා මැක්සිකෝ තරඟයද ඉතා වැදගත් වන්නේ එම ප්‍රතිඵල මැක්සිකෝව 16 දෙනාගේ වටයට  යන ගමන තීරණය කරනු ඇත.



























No comments: