Thursday, June 26, 2014

ඝානාව සහ රොනල්ඩෝ සමුගනී! ඇමරිකාව 16ට!



අද පැවති ඝානා පෘතුගාල තරඟය බලාපොරොත්තුවූ අයුරින්ම වේගවත් වූ අතර අවසන් මිනිත්තව වන තෙක් ඕනෑම දෙයක් සිදුවීමට ඉඩ තිබිණි. රොනල්ඩෝ ඉලක්කයට එල්ල ක‍ල ප්‍රහාර 3 ක් ඝානාවේ ගෝල රකින්නා වන ස්ටෙපාන් ඇඩම්ස් නිසා වැලකුණි. 


තරඟය 2-1 දිනුවද ගෝල 3 ක් අඩුවීම හේතුවෙන් පෘතුගාලය වෙනුවට 16 වටයට ගියේ ඇමරිකාවය. පෘතුගාලයේ පසුබෑමට හේතුවූ ප්‍රධාන කාරණයක් වන්නේ ප්‍රථම තරඟයේදී ආරක්‍ෂක පෙපේගේ නොමනා ක්‍රියාව නිසා ලද රතු පතය. එම තරඟයේදී පෘතුගාලයට 10 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර ගෝල 5ක් වැදුනි. 






ඝානාවේ අසමෝ ගයාන්ද දක්‍ෂ ලෙස ක්‍රීඩා කල අතර ඔහුගේ ප්‍රහාර ගෝල රකින්නා විසින් රැක ගත් අතර ඉලක්කය නොමැති වීම නිසා  ඝානාවේ ප්‍රහාර ගණනාවක්ම අපතේ ගියේය. 


වීඩියෝව 





Photo: AP/Themba Hadebe • Video on fifa.c
අද තරඟයේ වීරයා වූ රොනල්ඩෝ ඉදිරි යුරෝපීය තරඟ සමයේදී හමුවිය හැකිවේ.

No comments: