Thursday, June 26, 2014

බෙල්ජියම කොරියාව පරදවා 16ට!


බෙල්ජියම දකුණු කොරියාව 1-0 ලෙස පරාජය කරමින් 16 වටයට ගියා.

කොරියාව තම අවසාන තරඟය ජයග්‍රහණය කිරීමට උපරිම වෙහෙසක් දැම්මා! ඔවුන් බෙල්ජියම සමග කරට කර තරඟ කළේ 51%තරඟ කාලය බෝලය ඔවුන් ලඟ තබා ගනිමින්, ප්‍රහාර 18ක් එල්ල කරමින්, ඉන් 12ක් ඉලක්කයට!  කෝණ පහරව‍ල් 7ක් ලබාගත් කොරියාව බෙල්ජියමේ ගෝල ප්‍රහාර 9ක් රැක ගත්තා.


තරඟය දෙපැත්තටම දෝලනය වද්දී 78 වන විනාඩියේදී ආරක්‍ෂක ජෑන් වර්ටනිගෙනි (#5) ගෝලයක් ලබාගන බෙල්ජියම ජයග්‍රහණය කලා! 
තරඟයේ වීරයා වර්ටන්ගෙන්.

ඒ අපූරු තරඟයේ වීඩියෝව මෙතනින්!

බෙල්ජියමට 16 වටයේදී හමුවන්නේ ඇමරිකාව!
බෙල්ජියමේ ප්‍රහාරක හසාඩ් ලෝක කුසලාන තරඟාවලියේ තවමත් ගෝලයක් ලැබී නැහැ!


ඇමරිකාව පෘතුගාලය, ජර්මනිය හා ඝානා සමග මරණයේ කාණ්ඩයක සිට ගෝල 4ක් ලබා 4ක් දී 16ට ආවේ! බෙල්ජියම 4 ක් ලබා දී ඇත්තේ 1 ගෝලයයි! ඔවුන්ගේ ආරක්‍ෂක කම්පැනි එංගලන්ත ලීග ශූරතාවය දිනූ මැන්චෙස්ටර් සිටි ආරක්‍ෂක හා නායක!  බෙල්ජියමේ ගෝ‍ල රකින්නා කෝටෝයිස්, වයස 22, ඔහු ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩකයෙක්!  එමනිසා සුුුපිරි ආරක්‍ෂාවක්!

හොඳ තරඟයක් තිබෙවි!




No comments: