Thursday, June 26, 2014

හරි වෙලාවට හරි තැන - මුලර් නේමා මෙසී සමකරයි!





ජරමනිය සහ ඇමෙරිකාව සමග අද පැවති තරඟයේ ඇමරිකාව දැඩි ලෙස මහන්සි වූයේ ජයග්‍රහණය කෙස් වෙතත් තරඟය සම කරගන ලකුණක් ලබා 16 ට යාමටය. ඊට හේතුව යම් හෙයකින් ඝානාව එ් වේලාවේම යෙදී සිටි පෘතුගාල තරඟය ජයග්‍රහණය හෝ වැඩි ගෝල ගණනකින් සම කලහොත් ඇමරිකාවට 16 වටය යාමක් නොවන නිසාය.

ඉතාම ආරක්‍ෂාකාරීව ක්‍රීඩා කල අමෙරිකාව බොලය තබා ගත්තේ තරඟ කාලයෙන් 37% කි. එහෙත් ජර්මනයට අනතුරුදායක පැති ප්‍රහාර කිහිපයක්ද එල්ල කලහ. ජර්මනියේ මිරස්ලෝව් ක්ලෝස් උත්සාහ කල පහසු හා ආසන්න ගෝලයක් වැරදුනි. ජර්මනිය හරස් ප්‍රහාර 27ක් සහිත ගෝල ප්‍රහාර 13ක් උත්සාහ කළහ. 7 වතාවක් ජර්මන් ක්‍රීඩකයෝ ඕෆ්සයිඩ් වීම දුර්වලතාවයකි.



55 විනාඩියේදී ඇමරිකානු ගෝල රකින්නා ටිම් හොවාඩ් වලකා ලූ බෝලයක් තමන් වෙතට එද්දී මීටර් 22 ක දුර සිට ජර්මනියේ තෝමස් මුලර් ඉලක්කයට ගෝලයේ වම් පසට එල්ල කල පහරින් ජර්මනියට ජය අත් කර දුනි.



2010 ලෝක කුසලානයේ රන් සපත්තුව දිනාගත් තෝමස් මුලර් නේමා හා මෙසී සමකලේ තම 4වන ගෝලයෙනි. ලෝකයේ සුවිශේෂී මැදපෙල ප්‍රහාරකයකු වන මුලර් ගේ විශේෂතම හැකියාව "හරි වෙලාවට හරි තැන සිටීම" බව ජර්මන් පුහුණුකරු ලෝ ජොකිම්ව පවසයි.
මුලර්ට තරඟයේ වීරයා සම්මානය!



No comments: