Wednesday, June 25, 2014

රන් සපත්තුවට මෙසී නේමා සමයි! මුලර් අතලඟම!

ලෝක කුසලානයේ තරඟ 44ක් නිමවෙද්දී තරඟ 3 දී ගෝල 4ක්  බ්‍රසීලයේ නේමාට සහ ආජන්ටීනාවේ මෙසීට! ජර්මනියේ මුලර්ට තරඟ2 දී 3යි! මුලර්ගේ ඊ ලඟ තරඟය හෙට ඇමරිකාව සමග!


ගෝල 3 කලාපයේ ඉන්න නෙදර්ලන්තයේ ආජන් රොබන් හා රොබින් වෑන් පර්සි ද, කොලම්බියාවේ ජේම්ස් රොඩ්රිගස් හා එක තරඟයකින් ගෝල ත්‍රිත්වයක් ලබාගත් ෂකීරී ද පසු පසින් රන් සපත්තුවේ දොරට තට්ටු කරත්!

රන් සපත්තුවේ අතීතය!



2002 ලෝක ශූර බ්‍රසීලයේ රොනල්ඩෝට කාණ්ඩ වටයේ තරඟ 3කදී ගෝල 4ක්! තුර්කිය හා චීනයට 1 ගානේ! කොස්ටාරිකාවට 2ක්!

එතැන් පටන් රොනල්ඩෝ!
16 වටයේදී බෙල්ජිමට 1යි!
8 වටයේදී  එංග‍න්තයට 0යි!
4 වටයේදී තුර්කියට 1 යි!


අවාසාන තරඟයේදී ජර්මනියට 2යි!
රොනල්ඩෝ ගෝ‍ල 8ක්!
රන් සපත්තුව රොනල්ඩෝට!
ලෝක කුසලානය බ්‍රසීලයට!



රන් සපත්තුව ලෝක කුසලාන ශූරයන් වන කණ්ඩායමේ ක්‍රීඩකයකුටම ලැබුණු අවස්ථා 5යි! වෙනත් ක්‍රීඩකයකයන්ට ලැබුණු අවස්ථා 20යි!
බ්‍රසීලයට 6යි,ජර්මනිය 3යි, ආජන්ටීනා 2 යි, ප්‍රංශය 1යි, චිලී 1 යි!

රන් සපත්තුවට ගෝල වාර්ථාව 13ක්! 1958, ජස්ට් ෆොන්ටේන් ප්‍රංශය!
දෙවැන්නා හන්ගේරියාවේ හැන්ඩෝ 1954, ගෝල 11ක්!
තෙවැන්නා ජර්මනියේ ජර්ඩ් මු‍ලර් 1978 ගෝල 10ක් !
බ්‍රසීලයේ රොනල්ඩෝ 2002 දී ගෝල 8ක්!
රන් සපත්තු ක්‍රීඩකයන්ගේ සාමන්‍ය ගෝල අගය 6.5!

බ්‍රසීලයට 3 වතාවක්, ආජන්ටීනාවට 1 වතාවකුත් ලෝක කුසලානයත්, රන් සපත්තුවත් දෙකම!

බ්‍රසීලය 2වතාවක්,ආජන්ටීනාව 1 වතාවක්, ජර්මනිය 3 වතාවක්, ප්‍රංශය 1 වතාවක් රන් සපත්තුව විතරක්!

2014 ලෝක කුසලානයේ කැපී පෙනෙන නෙදර්ලන්තය හා කොලම්බියාව රන් සපත්තුව දිනා නැහැ!

රන් සපත්තුවේ හිමි කාරයා 2014 බිහිවන්නේ ඔබේ කණ්ඩායමෙන්ද?

#රන් සපත්තුවට මෙසී නේමා සමයි! මුලර් අතලඟම!

No comments: