Tuesday, June 24, 2014

ඩේවිඩ් විලා: ලෝක කුස‍‍ලානයේ වේදනාත්මක සමුගැනීම සුමිහිරියි!

ස්පාඤ්ඤය නෙදර්ලන්තයට සහ චිලී සමග තරඟ පරාජ නිසා කාණ්ඩ වටයේදීම ඉවත්වීම ලෝකයක බ‍ලාපොරත්තු කඩ කළේය.  ස්පාඤ්ඤය  2014 ලෝක කුස‍‍ලානයේ සරදමට ලක්වූවත් ඕස්ට්‍රේලියා සමග වූ අවසාන තරඟය ජය ගත්තේ 3-0 ලෙසිනි.   ස්පාඤ්ඤය ලෝක කුසලානය හැරදා ගියේ අවසාන කලේ ජයග්‍රහණයකින්! 

ඒ තරඟයේ වීරයා ඩේවිඩ් විලා!
මේ විලාගේ අනුවේදනීය කථාව!







ස්පාඤ්ඤ ප්‍රහාරක ඩේවිඩ් විලා තම අවසාන ජාත්‍යන්තර තම 9වන ලෝක කුසලාන ගෝලය ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගනිමිනි. 3-0 ‍ලෙස අවසන් වූ තරඟයේ වීරයා වූයේ ඩේවිඩ් වි‍ලා!



ස්පාඤ්ඤ ඉතිහාසයේ වැඩිම ලෝක කුසලාන ගෝල ගණනක් ගත් ක්‍රීඩකයා ඔහුය. පුහුණුකරු ඩෙල් බොස්කෝ ඔහු පෙර තරඟවලට නොයෙදීම පුදුමයකි! ස්පාඤ්ඤයට වැරදුන තැන එතනද?



ඩේවිඩ් විලා ඉපදුනේ ටුයිලා වල, උතුරු ස්පාඤ්ඤයේ කුඩා ගමක්!
අවුරුදු 4 දී පාපන්දු ගහනකොට දකුණු කකූල කැඩෙනවා!
දකුණු කකුල ප්ලාස්ටරය දාලා තිබියදී ඔහුට වම් කකුල පුහුණු කළේ ඔහුගේ පියා!

"දකුණු කකුල කැඩිලා ඉන්න කාලේ, මගේ වම් කකුල පුරුදු වෙනකන්ම මගේ පියා බෝලේ දානවා මට ගහන්න යන්තම් මට මතකයි! මට කකුල් දෙකම හුරු ඒකයි" - ඩේවිඩ් විලා



















14 දී පුහුණුකරු සමග ගැටුමකින් පාපන්දු අතහරින්නම ගියා! 
ගැටුම තරඟ අවස්ථාවක් නොදීම! 
ඒක 2014 ලෝක කුසලානෙත් උනාද?



ඩේවිඩ් වි‍‍ලා වයස 17 දී මාරෙයා් කණ්ඩාමට!
ස්පෝටිං ගිජොන් 1999–2002 ගෝල 25
සරගෝසා  2003–04 ගෝල 32
වැලෙන්සියා 2005–06 ගෝල 107
බාසිලෝනා 2010–11 ගෝල 32
ඇත්ලටිකෝ මැඩ්රිඩ් 2013–14 ගෝල 13




තරඟ 622 කදී වෘත්තීමය ගෝල 248ක්! සහය 88ක්
ස්පාඤඤය වෙනුවෙන් තරඟ 97 කදී ජාත්‍යන්තර ගෝල 59ක්!



ඩේවිඩ් විලා දිනාදුන් ශූරතාවයන් 
රියල් සරගෝසා Copa del Rey 2003–04, Supercopa de España 2004
වැලන්සියා Copa del Rey 2007–08
බාසිලෝනා ලාලීගා අනූශූතාවය 2010–11, 2012–13, Copa del Rey  2011–12, UEFA Champions League 2010–11
UEFA Super Cup 2011
FIFA Club World Cup 2011
ඇත්ලටිකෝ මැඩ්රිඩ්
La Liga 2013–14,  UEFA Champions අනුශූර 2013–14
2010 ලෝක කුසලානය! 







2014 ලෝක ක‍ුසලානයෙන් ඩේවිඩ් විලා ස්පාඤ්ඤයෙන් සමුගන්නවා, ඔහු 2015 නිව්යෝක් සමාජයට! ලා ලීගයේ දක්නට නොලැබේවි!

ඩේවිඩ් විලා නිව්යෝක් සමාජය ලෝක සමාජ තරඟාවලියට ගෙන ඒවිද?

#ඩේවිඩ් විලා: ලෝක කුස‍‍ලානයේ වේදනාත්මක සමුගැනීම සුමිහිරියි!

No comments: