ලෝක ශූර ස්පාඤ්ඤය 2010 ලෝක කුසලානයේ අවසාන තරඟය 1-0 ලෙස ජයග්රහණය කලේ නෙදර්ලන්තය පරදවමින් 116 වන මිනිත්තුවේදී අන්ද්රේස් එනියස්ටා ලබාගත් ගෝලයෙනි. ලෝක කුසලානයක වැඩිම කහ පත්ර ලබාදුන් මේ තරඟය ඉතාම උණුසුම් විණි.
එම තරඟයට සහභාගීවූ ක්රීඩකයින් ගණනාවක්ම අද තරඟයටද සහභාගී වෙති. ස්පාඤ්ඤ කණ්ඩායමට අලුතින් එකතු වී සිටින දියාගෝ කොස්තා (ඇත්ලටිකෝ මැඩ්රිඩ්) මෙන්ම නෙදර්ලන්තයේ 20 හැවිරිදි ප්රහාරක Memphis Depay, 22 හැවිරිදි ආරක්ෂක බෘෘනෝ මාටිනස් ඉන්ඩි දැකිය යුතු ක්රීඩකයෝය.
නායක රොබින් වැන් පර්සි (මැන්චෙස්ටර් යුනයිටඩ්), ආජන් රොබන් (බයිරන් මියුනිච්) මහත් අත්දැකීම් සහිතය. මේවර නෙදර්ලන්තය වඩා තරුණ ක්රීඩකයන් ඇතුලත් කණ්ඩායමක් ඇතුලත් කර ඇත. නෙදර්ලන්තය ලෝක කුසලාන 3 ක අවසන් තරඟයේද පරාජය වීමය.
මේ නෙදර්ලන්තය 2010 පරාජය ජයග්රහණයක් කරන තරඟයද?
No comments:
Post a Comment