Friday, June 27, 2014

ජූනි 28 : බ්‍රසීලය සහ ස්පාඤඤය පැරදවූ චිලී විවරණය


බ්‍රසීලය සහ චිලී  - ලෝක කුසලානයේ අවසාන තරඟය තරම් උණුසුම් හා වේගවත් තරඟයක් බලන්න දැන්ම ලෑස්ති වන්න.


කාණ්ඩ වටයේදී බ්‍රසීලය ගෝල 7ක් ලබාගත්තා! ක්‍රොඑ්ශියවෙන් 2යි, මැක්සිකෝවෙන් 0යි!  මැක්සිකෝවට හා ක්‍රොඑ්ශියාවට 0-1, 0-4 ට පරාජය වූ කැමරූන් ගෙන් 4යි!

තරඟාවලියේ කැමරූන් ලබාගත් එකම ගෝලය බ්‍රසීලයෙන්!

බ්‍රසීලය ජයග්‍රහණය කළ තරඟ වලදී ගෝල වෙනස ඇති කළේ නේමා!
නේමා බ්‍රසීලයේ තුරුම්පුව! බ්‍රසීලයේ ආරක්‍ෂාව හොඳයි! ගෝල රකින්නා සුපිරි නොවේ! මාසෙලෝ, ෆ්‍රෙඩ් හා හලක් තවම ඉහල දස්කම් දක්වා නෑ. කණ්ඩායමක් වශයෙන් බ්‍රසීලය ශක්තිමත්! රසිකයන් ඔවුන් සමග!
අවසාන තරඟය දක්වා බ්‍රසීලය යන එක ලෝක කුස‍ලානයට දීප්තියක්!
5


චිලී ඉතා වේගයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක්! ඔවුන් ලෝක ශූර ස්පාඤ්ඤය 2-0 ට පරාජය කළා! ඕස්ට්‍රේලියාව 3-1ට, නෙදර්ලන්තයට 0-2ට පැරදුනා! ඔවුන් ලබාගත් ගෝල 5 ගත්තේ ක්‍රීඩකයන් 5 දෙනෙක්! Charles Aranguiz (1), Jean Beausejour (1),
Alexis Sanchez (1), Jorge Valdivia (1), Eduardo Vargas (1).  එක ක්‍රීඩකයකු මත ඔවුන් රඳා පවතින්නේ නෑ.
ඒක වාසියක්!.

ඇලෙක්සි සැන්චේස් බාසිලෝනාවේ ප්‍රහාරකයෙක්! නේමා අවාට පසු ඔහුට මැද පෙලට යන්න වුනා! ඇ‍ලෙක්සි සැන්චේස් මැද පෙල ක්‍රීඩා කරමින් තරඟ 54කදී බාසිලෝනාවට ගෝල 21 ක් ලබා දුන්නා!

නේමා බාසිලෝනාවට තරඟ 41 කදී ගෝල 15ක් ලබා දුන්නා!
දෙදෙනා අතර තරඟය ආකර්ශණීය වෙයි. දැවැන්තනෙදර්ලන්තයට පැරදුන චිලීට බාධාවක් උනේ ඔවුන්ගේ උස මහත! ව්ලා, ජන්මත්, බ්ලන්ඩි යෝදයන් වගේ තම ගෝලය ආරක්‍ෂා කරනවා!


චිලී පැරදුන තරඟයේ  අරටුඩෝ විඩාල් ක්‍රීඩා කලේ නැහැ, ජුවෙන්ටස් ක්‍රීඩා කරන අරටුඩෝ විඩාල් මැදපිටියේ තරඟ මෙහෙයු! ඔහු ක්‍රීඩා කරද්දී චිලී කණ්ඩායම ස්පාඤ්ඤය පරාද කලේ!


චිලීට බ්‍රසීලය සම තරම! හදිසියේ කඩා පනින, අත නොහැර ගහන, වේගවත් චිලී ලෝක කුසලානය කණපිට පෙරලන්න සූදානම්! ඔවුන්ට වෙන විකල්පයක් නෑ! බ්‍රසීලයට තම අභිමානය රැක ගත යුතුයි!

බ්‍රසීලයේ ලෝක කුසලාන ගමන වලක්වන්න හැකි කණ්ඩායමක් චිලී!


නේමා කැමරූන් තරඟයේදී වඩා හොඳින් ක්‍රීඩා කලා! ඩැනී අ‍ල්විස්,ලුයිස්, ඔස්කා හොඳින් ක්‍රීඩා කලොත් තරඟය බ්‍රසීලයට වාසි ගෙන දේවි!


කහපත් ගොඩක් දෙන පාපන්දු යුද්ධයක් නරඹන්න!
රතුපතක් කාටවත් නොලැබේවා ප්‍රාර්ථනා කරන්න.

No comments: