

සෙසක් ෆැබ්රිගාස් තම ප්‍රථම ගෝලය චෙල්සිට ලබාදුන්නේ දර්ශනීය වක්‍ර නිදහස් පහරකිනි. තරඟයේ ලබාගත් ගෝල 3නම දියාගෝ කොස්තාගේ දක්‍ෂතාවන් ගෙන් ලැබුනු අතර තමන්ට ගෝල ලබාගැනීමට තිබුණු අවස්ථා 2ක් ඔහු සලාට හා මැටික්ට දුන්නේය. සෙසක් ෆැබ්රිගාස් ලබාගත් ගෝලයද කොස්තා වැට්ටවීම නිසා ලබාගත් නිදහස් පහරකි.
තරඟය අවසානයේ චෙල්සි පුහුණුකරු ජෝසේ මෝරේනියෝ කියා සිටියේ තමා කොස්තා ගැන ඉතාමත් පැහැදී ඇති බවයි. "ඔහු කණ්ඩායම් ක්‍රීඩකයෙක්, ඔහු පීඩනය ඇති කරන විදිය හරි අපූරුයි" මොරේනියෝ කියයි.
No comments:
Post a Comment