Tuesday, July 29, 2014

මාකෝ රවුස් ගන්න මැන්චෙස්ටර් යුනයිටඩ්, බයිරන්, හා බාසිලෝනා තරඟයක

ජර්මනියේ බොරිස්සා ඩෝට්මුන්ඩ් කණ්ඩායම මෙම තරඟ වාරයට දුන් කොන්තරාත්තුව  ප්‍රතික්ක්‍ෂේපකර ඇති  මාකෝ රවුස්  පවුම් මිලියන 28කට ලබාගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ්, බයිරන්, හා බාසිලෝනා සමාජ අතර තරඟයක් ඇතිවී ඇත. සරිබියාව සමග මිත්‍ර තරඟයකදී පාදයේ ආබාධයකට ලක්වීමෙන් 25 හැවිරිදි බොරිස්සා ඩෝට්මුන්ඩ් ප්‍රහාරකයාට අවසාන මොහොතේ ජර්මන් ලෝක කුසලාන කණ්ඩායමට එකතු වීමට නොහැකි විය.

පසුගිය තරඟවාරයේ තරඟ 39කදී ගෝල 21ක් ලබාගත් රවුස් දුර සිට නිර්මාණශීලී ප්‍රහාර එල්ල කිරීමේ දක්‍ෂයෙකි. ඔහු බොහෝවිට මැන්චෙස්ටර් යුනයිටඩ් තෝරාගනු ඇති බව විචාරකයෝ කියති.

No comments: