Friday, July 25, 2014

බ්‍රසීලයේ පුහුණුකරු ස්කොලාරි වෙනුවට ලෝක ශූර දුන්ගා!

දුන්ගා නම් සුරතල් නාමයෙන් හඳුන්වන කාලෝස් කැටානෝ බ්ලෙඩෝන් වෙරි, බ්‍රසීලයේ ලෝක කුසලාන පුහුණුකරු පිලිප් ස්කොලාරි වෙනුවට පත් කරණු ලැබ ඇත. ඔහුට දුන්ගා යනු කුරුමිට්ටාට පෘතුගීසි නම වන අතර එය ඔහුට ලැබුනේ කුඩා කල ඉතා කොට අයකු වූ නිසාය.




දුන්ගා 1994 ලෝක ශූර කණ්ඩායමේ මැද පෙල ආරක්‍ෂක ක්‍රීඩයෙකු වූ අතර 2010 ලෝක කුසලාන කණ්ඩායමේ පුහුණුකරු වීය. 2010 අර්ධ අවසාන පූර්ව තරඟයෙන් බ්‍රසීලය නෙදර්ලන්තයට 1-2 ලෙස පරාජය වීය. දුන්ගා 2007 Copa América සහ 2009 FIFA Confederations Cup ජයග්‍රහණ බ්‍රසීලයට ලබාදුන් පුහුණුකරුය.



2013 දී ඔහු ඉවත්කල බ්‍රසීල පාපන්දු සම්මේලනය ස්කෝලාරි පත්කල අතර 2014 ලෝක කුසලානයේ බ්‍රසීලය ජර්මනියට 1-7 ලෙස හා නෙදර්ලන්තයට 0-3 ලෙස පරාජය වී 4 වැනි ස්ථානයට පත්වීමෙන් ස්කෝලාරි ඉවත් කිරීමට හේතු විය.



 2013 හා 2014 වර්ෂවල බ්‍රසීලයේ Internacional කණ්ඩායමේ පුහුණුකරු වූ ඔහු Campeonato Gaúcho කුසලානය එම වසර දෙකේදීම ලබාගත්තේය. දුන්ගා බ්‍රසීලයේ පුහණුකරු ලෙස තරඟ 60 කදී ජය 42ක්, සමවීම් 12ක් හා පරාජයන් 6ක් ලබාගත්තේය. දුන්ගා මනා නායකත්ව ලක්‍ෂණ ඇති, තද අභියෝගයකට මුහුණ දිය හැකි, බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාව ඉහලම මට්ටමෙන් ක්‍රීඩා කළ අයෙකි.



"I'm not going to sell a dream. It's reality. The reality is there is a lot of work needed. So when you create high expectations for the fans, football is unpredictable. Nothing is for sure.You have to win every day, every second, every minute, and every time football is growing all over the world and more people are getting better and more competent. They are very engaged. There will be a lot of work too. We can't act like we're the best. No. We were the best, but we have to save this capability that we have. We have talent to do this, but we aren't humble enough to recognize that other national teams have worked very hard, for many years, to get where they are today and where they've got to, and we have to work very hard to be able to get back to where we once were, and to have the right to be within the best in the world."







No comments: