Friday, July 25, 2014

ඩිඩියර් ඩ්‍රොග්බා නැවතත් වසරකට චෙල්සි කණ්ඩායමට

ප්‍රවීණ ප්‍රහාරක ඩිඩියර් ඩ්‍රොග්බා වසරක් එංගලන්තයේ චෙල්සි කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිවිසුමකට එළඹුනා.  2011 -12 චෙල්සි කණ්ඩායමට යුරෝපීය ශූරයන්ගේ කුසලානය දිනාගැනීමට ගෝල 6ක් ලබාගත්තා. 36 හැවිරිදි ඩ්‍රොග්බා නැවත පැමිණීම චෙල්සි කණ්ඩායම මහත්සේ ප්‍රබෝධ කරවනු ඇතැයි පුහුණුකරු ජෝසේ මොරේනියෝ පවසනවා.




"It was an easy decision - I couldn't turn down the opportunity to work with Jose again.  Everyone knows the special relationship I have with this club and it has always felt like home to me." ඩ්‍රොග්බා ප්‍රකාශ කරනවා.



"He’s coming because he’s one of the best strikers in Europe. I know his personality very well and I know if he comes back he’s not protected by history or what he’s done for this club previously. He is coming with the mentality to make more history." ජෝසේ මොරේනියෝ තව දුරටත් පවසනවා.





ජර්මනියේ මියුනිච්හි පැවති යුරෝපීය ශූරයන්ගේ අවසාන තරඟයේදී ජර්මනියේ බයිරන් මියුනිච් කණ්ඩායමේ තෝමස් මුලර් 83 විනාඩියේදී ගෝලයක් ලබාගත්තා.  බයිරන් මියුනිච් තරඟය ජයගන්නට ඔන්න මෙන්න තිබියදී 88 විනාඩියේදී ඩ්‍රොග්බා ලබාගත් ගෝලයෙන් චෙල්සි කණ්ඩායමට අමතර කාලයකටත් දඬුවම් පහරවලටත් යාමට හැකිවුනා.  දඬුවම් පහර වලදීද තීරණාත්මක වුයේ ඩ්‍රොග්බාගේ ප්‍රහාරයයි. එදා අති දක්‍ෂ ලෙස ක්‍රීඩාකල ඩ්‍රොග්බා චෙල්සි කණ්ඩායමේ පුරාවෘත්තයක් බවට පත්වුනා.






ලෝක කුසලානයේදී ඩ්‍රොග්බා ක්‍රීඩාකල අයිවරි කෝස්ට් කණ්ඩායමට 16 දෙනාගේ වටයට හෝ යාමට නොහැකි වූවා. නමුත් 36 හැවිරිදි ඔහු නැවත පැමිණීම චෙල්සි කණ්ඩායම ප්‍රබෝධ කරවනු ඇතැයි පුහුණුකරු ජෝසේ මොරේනියෝ පවසනවා.





Match Report

ඩ්‍රොග්බා පැමිණීම තුල චෙල්සි කණ්ඩායමට අත්දැකීම් රාශියක්ද ක්‍රීඩා ලෝලීන්ද ලැබෙනවා. ලෝක කුස‍ලානයේ අයිවරි කෝස්ට් කණ්ඩායමට ක්‍රිඩා කල ඩ්‍රොග්බාට, යායා ටොරේ හා ජර්මීනියෝට 16 වටයට පවා යාමට නොහැකි වූවා.

නමුත් චෙල්සි ක්‍රීඩා ලෝලීන් ඩොග්බා සලකන්නේ  යුග පුරුෂයකු ලෙසින්.

No comments: