Sunday, July 13, 2014

ආජන්ටීනා - ජර්මනිය : අත්දැකීම හා තාරුණ්‍ය අතර තරඟයක්!






ජර්මනියේ ක්‍රීඩකයන් 9ක් වයස 25ට අඩු අතර ආජන්ටීනාවේ අවු 25ට අඩු එකයි. ජර්මනියේ තරුණ ජවය යොදවන්නේ දකුණු ඇමරිකාවේ ජාත්‍යන්තර අත්දැකීම් වලට එරෙහිව. ආජන්ටිනාවේ ක්‍රීඩකයන් 8ක් වයස 30 හෝ ඊට වැඩියි! ජර්මනියට 3යි.


ආජන්ටීනාවේ ආරක්‍ෂකයන් වන ඩෙමිචෙලිස් හා සැබලේටා  එංගලන්ත ලීගයේ බලකණු. මෙසී හා මෂරානෝ බාසිලෝනාවේ නොමැතිවම බැරි ක්‍රීඩකයෝ. ඩි මරියා ලෝකයේ හොඳම වම් මැද පෙර ප්‍රහාරක. ඔවුන් සියල්ලම තම කණ්ඩායම් ලීග ශූරතාවයන්ට මෙහෙයවූ අය!










ජර්මනිය 7-1 බ්‍රසීල තරඟයෙන් උද්දාමයෙන් ඉන්නේ! ඔවුන්ගේ කේන්ද්‍රගතවීමට එය බාධාවක්! ආජන්ටීනාව බ්‍රසීලය නොවේ. ආජන්ටීනාවේ උනන්දුව කොණ්ඩා මෝස්තර වලට වඩා ක්‍රීඩාවට! බලන් ඉන්න!

No comments: