Sunday, July 13, 2014

ජර්මනිය පැරදවිය හැකි ආජන්ටීනාවේ හැකියා 7

Argentina vs. Germany Odds: 5 Reasons Argentina Will Win the World Cup Final
බ්‍රසීලය 1-7 ට පරාජය කළ ජර්මනිය සමග ලෝක කුසලානය අවසාන තරඟයේ ආජන්ටීනා තරඟයේ පීඩිතයාය.   ජර්මනිය කෘෘර ආඥදායකයාය. හීන් සැරයේ කටුස්සා අලියා පරාද කළේ සිහි නුවණිනි. 
ආජන්ටීනාවට
 දිනුම ලැබීමට හේතුවන සාධක 7ක් ඇත.


1. මෙසීට ඕනෑම වේලාවක තරඟයක සමබරතාවය වෙනස් කළ හැකිය. මෙසී සැඟවුණු දඩයක්කාරයකු මෙන් අවසාන මොහොතේදී ගෝල උදුරා ගැනීමේ දක්‍ෂයෙකි. ලෝක කුසලානයේ ඔහුගේ උපරිම ක්‍රීඩා හැකියා අද දැකූමට හැකුවේ. මෙසී නායකයකු විලසද ලෝක කුසලාන තරඟාවලියේ තරණය කලේ ඉතාමත් ස්ථාවර ලෙසය. ජර්මන් ආරක්‍ෂකයෝ මෙසී ආවරණය කිරීමට යොමුවීමේදී ඩි මරියා, හිගුවයින් හා අගියුරෝ ට ගෝල අවස්ථා පාදා ගත හැක. තව ගෝල 2ක් ලබාගතහොත් රන් සපත්තුවද මෙසීට!



2. ශක්තිමත් හා නිර්භීත ආරක්‍ෂාව 
ආජන්ටීනාව ප්‍රහාරාත්මක කණ්ඩායමක් ‍‍ලෙස දැන සිටියත් ලෝක කුසලානයේ ඔවුන් ඉදිරියට ආවේ ආරක්‍ෂාවේ හොඳ කමිනි. පසුගිය පිටුදැකුම් ස්විට්සර්ලන්තය, බෙල්ජියම හා නෙදර්ලන්තය තරඟ 3දීම ආජන්ටීනාව එකම ගෝලයක් හෝ ලබා නොදීම සුවිශේෂීය. 



අර්ධ අවසාන තරඟයේදී ආජන්ටීනාව සෑම තරඟයකදීම ගෝල ලබාගත් නෙදර්ලන්තයේ බලවත් ප්‍රහාර සියල්ල වලකා ලූහ. රොබින් වෑන් පර්සි හා ආජන් රොබන්ට එකම ගෝලයක්වත් ඒ තරඟයේ නොලැබිණි. ප්‍රබල ප්‍රහාරකයන්ට සිදරු කළ නොහැකි වූ ආජන්ටීනාව ජර්මනියේ ප්‍රහාරක ඇණියම වලකාද? විය හැක.


3. ආජන්ටීනාවේ මැදපෙළ සැලසුම්
ආජන්ටීනාව ජර්මනියේ තරම් මැද පෙල ශක්තිමත් නොවන අතර නෙදර්ලන්ත තරඟයේදී එතරම් හොඳම නොවීය.  ජාවියර් මෂරානෝ ආරක්‍ෂාවට මුල් තැන දීම මැදපෙළ ප්‍රහාර සඳහා යොමුවීම අඩුය. ඔවුන් පුළුල් වී වේගය ඇතිකරගත හොත් මෙසීට හා හිගුවයින්ට අවස්ථා සැලසේ. ඔවුන් ජර්මනියේ දැමීම් මාර්ග අවහිර කළ යුතුය. නෙදර්ලන්ත තරඟයේදී ඔවුන් දක්‍ෂ ලෙස මැද පෙළ හා ඉදිරිපෙළ අතර දැමීම් අවහිර කළහ. ඩි මරියා කලවයේ ආබාධය සුවවී ආවොත් ඔවුන්ගේ ගතික භාවය ඇතිකර ගත හැක. නමුත් එය තාම ස්ථිර නොවේ.


4. අතීතයේ හොල්මන්

දකුණු ඇමරිකාවේ තිබූ සෑම ලෝක කුසලානයක්ම දිනා ඇත්තේ දකුණු ඇමරිකා රටකි. නිවාස මහද්වීපය වීම ආජන්ටීනාවට වාසියකි. එහෙත් ජර්මානු කණ්ඩායම බ්‍රසීල රසිකයින් දිනා ගැනීමට සමත්ව ඇත. එසේ වුවද ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයකින් ලෝලීන් වෙනස් කරවාගැනීමට ආජන්ටීනාවට හැකිය.


5. වේග හැකියා
මෙසී මෙහෙයවන ආජන්ටීනා ප්‍රහාර බල ඇණිය කුඩා සහ වේගවත්ය. ඔවුනට වඩා විශාල හා භෞතුකමය ප්‍රශ්න ජර්මනියේ ආරක්‍ෂකයන්ට දිය හැකිය. මෙසීව නෙදර්ලන්ත තරඟයේ විලංගු ලෑමට හැකි වූවද ඔහුට ගෝල අවස්ථා ලබාගැනීමට හා ලබාදීමට නිර්මාණශීලිත්වය හා හැකියාව ඇත.



6. සමස්ථ තරඟාවලියේ ආජන්ටීනාවේ එසේදකුයිල් ගරේ සහ ජාවියර් මෂරානෝ ගල් බැම්මක් සේ වී ඇත. ප්‍රහාර සහිත කුණාටුවකදී ආජන්ටීනාවට කෙලින් සිටගැනීමට හැකිව ඇත්තේ ඔවුන් නිසාය. ප්‍රහාරයට අති දක්‍ෂ ජර්මනිය අද ඔවුන් පරීක්‍ෂාවට ලක්කරනු ඇත.




7. මරණය දක්වා අත නොහැරීම

There appears to be a certain togetherness with this current crop of Argentina players

ආජන්ටීනාව ලෝක කුසලාන තරඟාවලියේ ධීරභාවයෙන් වැඩිම කණ්ඩායමයි. අවසානය දක්වා අතනොහැර තරඟ වැදීමේ ජීව ගුණය ආජන්ටීනාවට ඉතිහාසිකය. අවසාන මොහොත දක්වා තම ප්‍රතිවාදියා සමග තරඟයේ යෙදී ජයගැනීමේ හැකියාව ලෝක කුසලානයේදී ඔවුන් පෙන්වුයේ කාණ්ඩ වටයේ නයිජීරියාද, පිටුදැකීමේදී ස්ව්ට්සර්ලන්තයද , අමතර කාලයෙන් පසු දඬුවම් පහරවලින් නෙදර්ලන්තයද පරාජය කරමිණි.



ලෝක කුසලානයේ අවසාන තරඟයේදී ඔවුනට හමුවන්නේ තරඟාවලියේම සුපිරි දක්‍ෂයාය. ඒ තරඟය අන් හැමටම වඩා අමාරුය. නමුත් ආජන්ටීනාවට දිනීම කළ හැකිය. ඊට අවශ්‍ය සාධක ඔවුන් සතුය අවශ්‍ය සිහි නුවණින් නිසි වේලාවේ නිසි දේ කිරීමය. 







එසේ වීනම් ලෝක කුසලානය ආජන්ටීනාවටය!

No comments: