Friday, July 4, 2014

බ්‍රසීලය හා කොලම්බියා පාපන්දු යුද්ධය 2-1 සේ නිමයි!

බ්‍රසීලය 2-1 ලෙස ජයගත් කොලම්බියාව තරඟය ආරම්භයේ පටන් පාපන්දු ලොව කිරුළ සඳහා යුද්ධයක් මෙන් වීය. තරඟයේ ප්‍රථම විනාඩි පහ ගෙවෙද්දී නේමා ලබාදුන් කෝණ පහරක් හැමටම අතහැරී ගෝලයේ දකුණු පසට එද්දී ආවරණය නොවී නිදහස්ව සිටි බ්‍රසීල නායක දියාගෝ සිල්වා ගෝලය බෝලය යොමු කරමින් ප්‍රථම ගෝලය ලබා බ්‍රසීලය උද්දාමයට පත් කලේය.









තරඟයේ 50% බැගින් තබාගත් බ්‍රසීලය හා කොලම්බියාව නැරඹීමට හොඳ තරඟයක් ලබා දුන්නේ ආකර්ශණීය ප්‍රහාරාත්මක දකුණු ඇමරිකානු පාපන්දු ශෛලිය විදහා දක්වමිනි.

බ්‍රසීලය අවස්ථා 31 කදී හා කොලම්බියාව අවස්ථා 23ක අනතුරුදායක අභියෝග නිසා නිදහස් පහර වලට ලක්වූහ. අද තරඟයේ ඩේවිඩ් ලුවිස්, නේමා, මාරසෙලෝ, ෆ්‍රෙඩ්, හල්ක්, ප්‍රනාන්ඩිනෝ මෙන්ම ගෝල රකින ජුලියෝ සෙසාද හොඳ දස්කම් දැක්වූහ.

69වන විනාඩියේදී තඟයේ වීරයා වූ ඩේවිඩ් ලුයිස් මීටර් 25 ක දුර සිට නිදහස් පහරකින් ලෝක කුසලානයේ අති දර්ශනීය ගෝලයක් ලබා ගත්තේය.




කොලම්බියාවට තරඟය සම කිරීමට ලද අවස්ථාවන් 3ක් ගිලිහී ගියේ ඕෆ් සයිඩ් වීම නිසාය. ගෝලය වෙත බ්‍රසීලය ප්‍රහාර 12ක්ද කොලම්බියාව ප්‍රහාර 11 ක් ද එල්ල කල අතර, පහර 6 ක් සහ 5ක් ඉලක්කය වෙත ගියේය. ප්‍රහාර 4 බැගින් නැවතුණි.




80 වැනි විනාඩියේද ගෝල රකින ජුලියෝ සෙසා කොලම්බියානු ක්‍රීඩකයකු වැට්ටවීම නිසා ලත් දඬුවම් පහර ගෝලයට එල්ල කරමින් ජේම්ස් රොඩ්රිගස් ගෝලයක් ලබාගන ලෝක කුසලානයේ මේ දක්වා වැඩිම ගෝල ගණනක් ලබාගත් ක්‍රීඩකයා විය! අද නික්ම ගියද රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයේ 2014-15 තරඟ වාරයේදී ඔහු ක්‍රීඩා කරනු ඇත. ගෝල 6ක් ලබා ඇති  ජේම්ස් රොඩ්රිගස් තවමත් රන් සපත්තුවේ හිමි කරුවාය!




තරඟාවලියෙන් සමුගත් කොලම්බියානු කණ්ඩායමේ දස්කම් බ්‍රසීලය පරාජය කිරීමට මද වූයේ බ්‍රසීලයේ ආරක්‍ෂක ඩේවිඩ් ලුයිස් අවස්ථා ගණනාවකදී ඔවුනට එරෙහි වූ නිසාය. මේ දක්වා තරඟාවලියේ වැදගත්ම ගෝල 2ක් බ්‍රසීලයට ලබාදුන් ඩේවිඩ් ලුයිස් ඔහුගේ උපරිම දක්‍ෂතාවයට පැමිණ ඇත.



බ්‍රසීලයේ ක්‍රීඩකයක් මාරාන්තික තරඟයක නියැලීමට හේතුව අවසාන තරඟය දක්වා යාමට ඔවුනට තිබෙන බලවත් රසික පීඩනය වුවද, තරඟයෙන් තරඟයට ඔවුන්ගේ දියුණුවක් ඇතිවී ඇත. අද තරඟය ක්‍රීඩා කල ආකාරයට ක්‍රීඩා කලහොත් අවසාන තරඟයේදී බ්‍රසීලය ඔබ දකින එක් කණ්ඩායමක් වනු ඇත.










අවසාන මොහොතේ නේමාගේ කොන්දට වැදුනු පහරකින් ආබාධයකට ලක්ව තරඟයෙන් ඉවත් විණි.



නීති විරෝධී අභියෝගයක් කොලම්බියාවේ ගෝල රකින්නාට කළ නායක දියාගෝ සිල්වාට දෙවන කහ පතක් ලැබීමෙන් ජර්මනිය සමග ඊ ලඟ තරඟයට සහභාගී විය නොහැක. එය බ්‍රසීලයට මහත්ම පාඩුවක් වනු ඇත. නේමාගේ තර්වය හොඳ නොවුවහොත් ජර්මානු තරඟය මහත්ම අභියෝගයක් වනු ඇත.

තරඟ වීඩියෝව


No comments: