Friday, July 4, 2014

හමෙල්ස් සහ නුවර් ජර්මනිය තවදුරටත් සජීවී කරවයි!

ප්‍රංශය පළමුව ජර්මනියට  තර්ජනයක් කලේය! මැද පෙල වැල්බුවෙනාගේ කැපුමට නායක බෙන්සෙමාගේ ගැසූ වොලි පහර ජර්මානු ගෝලය ආසන්නයෙන්ම හඹා ගියේය.














13 වන විනාඩියේදී ජර්මනියේ ටෝනි කෘස් ලබාදුන් කරකැවෙන නිදහස් පහර මැදි ආරක්‍ෂක මැට් හමෙල්ස් වරේන් පරයා නැගී හිසින් ගෝලයට යොමු කලේය.




එතැන් පටන් ජර්මනිය වැඩි කාලයක් බෝලය තබාගත් අතර, 33 වන විනාඩියේදී ප්‍රංශයේ අන්තෝනියෝ ග්‍රීස්මන් වමේ නිදහස් කලාපයක සිටි වැල්බුවනාට ලබාදුන් බෝලය ගෝලයට නිදහසේ එල්ල කල වැල්බුවනාගේ පහර පියඹා විශිෂ්ට ලෙස වලකාලීමට ජර්මනියේ ගෝල රකින නුවර් සමත්විය.
නුවර් තවත් දවසක් ජර්මනිය බේරා ගත්තේය!


ඊට විනාඩි ගණනකට පසු ප්‍රංශයේ පැට්රික් එවේරාට පහසු ගෝලයක් හිසින් යොමු කිරීමට බැරිවිය.
පිලිප් ලාම් සහ තොමස් මුලර් ඉතා හොඳ ගෝල අවස්ථා දෙකක් ආසන්නයට ගියද අවසාන පහර දීමට ප්‍රංශය ඉඩ තැබුවේ නැත.



බෙන්සිමාගේ ආසන්න උත්සාහයක් තරඟයේ එකම ගෝලය ලබාගත් හමෙල්ස් විසින් වලකන ලදි! ජර්මනියේ ස්රූල්ට 82 වන විනාඩියේදී ගොලයක් අතපසු විණි. විනාඩි ගණනකට පසු ඔහු ගෝල රකින්නා අතටම බෝලය ගැසීය. එය ජර්මනියට 2-0 වීමට තිබූ අවස්ථාව නැති කලේය.  තරඟ අවසානයට තත්පර 20ක් තිබියදී ගිරාඩ් බෙන්සේමාට ලබාදුන් බෝලයට ගෝලය ආසන්නයේ සිට බෙන්සෙමා එල්ල කළ පහර නුවර් තනි අතින් වලකා ලීම අනර්ඝය.





ප්‍රංශයේ ලෝක කුසලාන ගමන නැවතුනත් ජර්මනිය තවමත් සජීවිය!

 තරඟයේ වීරයා මැට් හමෙල්ස්!





තරඟ වීඩියෝව

No comments: