Sunday, July 6, 2014

බෙල්ජියම පරදවා මෙසී නායකයන්ගේ පෙරමුණට!

ආජන්ටීනාවට මෙසී හැර ගෝල ලබාගන්නකුගේ අවශ්‍යතාවය අතිශයින්ම දැනුණු තරඟයක් බවට බෙල්ජුයම තරඟය පත්වූයේ මෙසී ආවරණය බෙල්ජුයමේ මූලික පරමාර්ථය වූ බැවිණි. ඒ සඳහා වඩාත් සුදුසු වූයේ ප්‍රහාරක ගොන්සාලෝ හියුගන්ය.






8වන විනාඩියේද හියුගන් ලෝක කුසලානයේ ගෝල නියඟය අවසන් කරගත්තේ මෙසී ඩි මරියා ලබාදුන් බෝලය ලබාගෙන ආරක්‍ෂකයන් මඟ හරවා වොලී පහරකින් ගෝලයක් ලබාගනිමිනි.




මහත් බලාපොරොත්තු තැබූ බෙල්ජියමේ සහ චෙල්සි තරඟ මෙහුයු 23 හැවිරිදි ඊඩ්න් හසාඩ් බෝලය 45 වතාවක් ලබා ගත්තද, හරිහැටි ලබාදුන්නේ 15ක් පමණි. 2013 - 2014 ප්‍රීමියර් ලීග තරඟ වාරයේ තරඟ 35 කදී ගෝල 14 ක් සහ සහය 8ක් ලබාගත් හසාඩ් 2014 ලෝක කුස‍ලානයේ රුසියාව හා ඇල්ජීරියාව එරෙහිව බෙල්ජියම ලබාගත් ගෝල 2කට සහය වූවත් තමන්ම  එකම ගෝලයක්වත් ලබා නොගති.

සමාජ මට්ටමේ සුපිරිම ක්‍රීඩකයකු වී සිටින මෙසීට 2014 ලෝක කුසලානය පේලේ හා මැරඩෝනා මෙන් යුගයේ මහා ක්‍රීඩකයකු වීමට අවස්ථාවයි. එය වෙනු පෙනේ.





ආජන්ටීනාවේ පළමු බොස්නියා තරඟයේ සිට මෙසී සිදුවන සෑම දේකම මැද සිටියේය. ඔහුට ගෝලයක් ලබාගැනීමට නොහැකි වූවිට ඔහු තම සගයකුගේ මාර්ගයෙන් එය ලබාදිණි. බාසිලෝනාවේදී ප්‍රහාරක භාගයේ ක්‍රීඩා කළ මෙසී ලෝක කුසලානයේ මැද පිටියේ ක්‍රීඩා කලේ ආරක්‍ෂාවද මෙහෙයවමිනි. ස්පාඤ්ඤ ලා ලීගයේ ඔහුගේ ප්‍රතිමල්ලවයා වූ රියල් මැඩ්රිඩ් මැද පෙල ප්‍රහාරක ඩි මරියා ලෝක කුසලානයේ ඔහුගේ දකූණ සහ වම ‍සගයා වීය. 





"මෙසී මේ තරඟයේ ඉතා හොඳින් ක්‍රීඩා කලා, ඔහු තරඟයේ යොමු කල සෑම බෝලයක්ම අපට බලාපොරොත්තු ගෙන ආවා. ඔහු බෝලය සමග කරන දේ සැම විටම තීරණාත්මකයි!" ආජන්ටීනාවේ පුහුණුකරු අලෙජන්රෝ සැබෙල්ලා පැවසීය.

ඇමරිකාව සමග 16 වටයේදී තරඟය ආදේශකයකු වී බෙල්ජියමට දිනාදුන් ප්‍රහාරක ලුකාකු ආජන්ටිනා තරඟයට ආදේශ කලමුත් පැය භාගයකට වඩා කාලයක් තුල බෝලය ගැටුනේ කලේ  9 වාරයක් පමණි. ඉලක්කයට ප්‍රහාරයක් එල්ල කලේ 1 වරක් පමණි. 



කණ්ඩායම් සංඛ්‍යාන ආජන්ටීනාව - බෙල්ජියම

ප්‍රහාර 10-10
ඉලක්කයට ප්‍රහාර 7-4
වැරදි 11-14
බෝලය තබාගැනීම 51%-49%
කෝණ ප්‍රහාර 3-4
ගෝල රැකුම් 4-6
ඕෆ් සයිඩ් 1-6
රතුපත් 0-0
කහපත් 1-2

ඊයේ පැවති බ්‍රසීලය සහ කොලම්බියාව අතර තරඟයට වඩා සුහදශීලී තරඟයක් වීම තරඟාවලියේම වාසනාවකි.

බෙල්ජියමේ ක්‍රීඩකයෝ 6 වතාවක් ඕෆ් සයිඩ් වීමත්, මහන්සි වී ලබාගත් බෝල සැලසුමකට නොදමා ආජන්ටීනාවට නැවත ලබාදීමත්, ආජන්ටීනාවේ සංවිධානාත්මක ප්‍රහාර හා මැද පිටිය හා පසුපෙල ආරක්‍ෂාවත් බෙල්ජියමේ තරඟය පරාජය වීමට හේතු විය. කෙසේ උවද ආජන්ටීනාවේ ජයග්‍රහණය ඔවුන්ගේ දක්‍ෂතාවය නිසා ලබාගත්තකි.



හියුගන් හා මෙසීට තවත් ගෝල 2ක් ලබා ගැනීම වැලක්වූයේ බෙල්ජියමේ ගෝල රකින 22 හැවිරිදි තිබට් කෝටියස්ගේ දක්‍ෂතාවයයි. ඔහු ස්පාඤ්ඤ ලීග ශූර ඇත්ලටිකෝ මැඩ්රිඩ් සමාජයේ සිට 2014-15 තරඟ වාරයට එංගලනතයේ චෙල්සි සමාජයට මාරුවේ.


ආජන්ටීනාවේ මීලඟ තරඟය 2010 ලෝක කුසලාන අනුශූර නෙදර්ලන්තය සමගය. එය ලයනල් මෙසී හා ආජන් රොබන්ගේ සුපිරි භාවයේ තරඟයක් ලෙස  දකින්නට භැකිය.

No comments: