කොස්ටාරිකාවේ ගෝල රකින්නා කේලර් නවාස් තරඟයේ වීරයා වූයේ බෙල්ජියම් කණ්ඩායමේ ගෝල ප්‍රහාර 7ක් රැක ගනිමිනි. ග්‍රීසිය හා තරඟයේදී රතු පතක් ලද කොස්ටාරිකාවේ මැදි ආරක්‍ෂක ඩුකාටේ නෙදර්ලන්ත තරඟයට ක්‍රීඩා නොකලේය. නෙදර්ලන්තය 64% බෝලය තබාගත්මුත් තරඟය පුරාම කොස්ටාරිකාවේ ආරක්‍ෂක වැට සිදුරු කිරීමට නොහැකි විණි.
19වන විනාඩියේදී කොස්ටාරිකාවේ ජොයෙල් කැම්බල් පහතින් ලබාදුන් කෝණ පහරක් නෙදර්ලන්තයේ රොන් ව්ලාර් ඉවතට එල්ල කල හෙයින් ඈත ගෝල කණුව අසල සිටි කොස්ටාරිකාවේ ක්‍රිස්ටියන් ගම්බෝවාට ගෝලයක් ලබාගත නොහැකි විය.
21 වන විනාඩියේදී වෑන් පර්සිට මෙම්පිස් ඩිපේ ලබාදුන් බෝලයට එල්ල කල පහර වැලකුනේ කේලර් නවාස්ගේ දක්‍ෂතාවයෙනි. ඔහු ඉවතට යොමු කල එම බෝලයට ස්නයිඩර් දුන් පහරද වලකාලීමට කේල නවාස් සමත් විය.
ඊට ස්වල්ප වේලාවකට පසු ක්‍රිස්ටියන් බොලෝනාස්ගේ නිදහස් ප්‍රහාරයට සෙල්සෝ බෝගස්ට ගෝලයක් ලබාගත හැකි හිස් පහර නූලෙන් මඟ හැරුනි.
කේලර් නවාස් ඩෙපේගේ ගෝල ආසන්නයේ වම් පා පහර සහ 38 වන විනාඩියේ ස්නයිඩර්ගේ කවාකාරව ගෝලයට ඇදී ආ ප්‍රහාරය වලකාලූවේය. ඔහු තවත් තත්පර ගණනකට පසු ආජන් රොබන් ලබාදුන් බෝලයට වැන් පර්සිට යා නොදී රැක ගත්තේය. නෙදර්ලන්තය බෝලය තබා ගනිමින් පිට පිටම ප්‍රහාර එල්ල කළද කොස්ටාරිකානුවෝ පසුපසටම වී තම ගෝලය ආරක්‍ෂා කළහ.
තරඟයේ දෙවන භාගයේදී නිදහස් පහර දෙකකට ගොන්සාලෝගේ හා ව්ලාර් ගේ හිස් පහරවල් දෙකක් ගෝලය ලඟින්ම පියඹා ගියේය.
60 වන විනාඩියේදී ස්නයිඩර්ගේ නිදහස් පහරක් කේල නවාස් මගහැර ගියද ගෝල කනුවේ වැදිණි.
ඊට විනඩි 2කට පසු ඉතා ආසන්නයේ සිට වෑන් පර්සි එල්ල කළ පහරක් නැවතත් නවාස් දක්‍ෂ ලෙස රැක්කේය. ඊට පසුව වැන් පර්සිට ස්නයිඩර් ලබාදුන් දර්ශනීය පැති බෝලයට ස්පර්ශ වීමට නොහැකි වීමෙන් ගෝලයක් ලබාගත හැකි රන්වන් අවස්ථාවක් මගහැරුණි.
නෙදර්ලන්තය කාල අවසානය දක්වා කොස්ටාරිකාවට දැඩි පීඩනයක් එල්ල කල අතර 94 විනාඩියේදී ස්නයිඩර්ගේ කෝණයකට ව්ලාර් දුන් හිස් පහරද කේලර් නවාස් රැකගති.
අමතර කාලයේදීද අභීත ලෙස ක්‍රීඩා කල කොස්ටාරිකානුවෝ නෙදර්ලන්තයට ගෝලයක් නොදුන්හ.
අමතර කාලයේදීද තරඟය තීරණය නොවූ බැවින් විනිසුරු දඬුවම් ප්‍රහාර ලබාදීමට තීරණය කළේය. වැන් පර්සි හා සෙල්සෝ බෝගස් පළමු ගෝල 2 ලබා තරඟය සමවී තිබියදී නෙදර්ලන්තයේ ගෝල රකින කෘෘල් ප්‍රහාරක බ්‍රයන් රුයිස්ගේ පහර රැකගත්තේය. ආජන් රොබන්ගේ ගෝලය නෙදර්ලන්තයට වාසිය ලබාදුනි.
ගියන්කාලෝ ගොන්සාලේස්, හා ස්නයිඩර්ද, බොලෝනාස් හා කුයිට්ද ගෝල ලබා ගත්හ.
තරඟයේ තීරණය ලැබුනේ 16 වටයේදී ග්‍රීසියට එරෙහිව තීරණාත්මක දඬුවම් පහර ලබාගත් කොස්ටාරිකාවේ මයිකල් උමානාගේ ගෝල පහර කෘෘල් විසින් රැක ගැනීමෙනි.
මරණයේ කාණ්ඩයේ ප්‍රමූඛයා වෙමින් කොස්ටාරිකාව අර්ධ අවසාන පූර්ව වටයට ආ ගමණ සින්ඩරෙල්ලාගේ කථාව මෙනි. ඔවුන් තරඟ කල සෑම මිනිත්තුවකම කොස්ටාරිකාවට ලෝක කුසලානය ගෙනයාමට කැප වූහ. ඔවුන් තරඟයකින් පරාජය වූයේ එකම එක වරකි. ඒ 2010 ලෝක අනුශූර නෙදර්ලන්තයටය. යම් හෙයකින් නෙදර්ලන්තය 2014 ලෝක ශුරයන් වුවහොත්, කොස්ටාරිකාවද තම සුරංගනා කථාව අමතක නොකරනු ඇත.
යම් හෙයකින් නෙදර්ලන්තය 2014 ලෝක ශුරයන් වුවහොත්, කොස්ටාරිකාවද තම සුරංගනා කථාවද වෙනස් කරනු ඇත. ඔවුන් පරාජය වූයේ ශූරයන්ට පමණක් බව පාපන්දු සින්ඩරෙල්ලා කථාවේ ලියවෙනු ඇත.
නෙදර්ලන්තය මී ලඟට හමුවන්නේ ආජන්ටීනාවයි. එය ජයගතහොත් බ්‍රසීලය හෝ ජර්මනිය! නෙදර්ලන්තය ලෝක කුසලානයට ආ හොඳම රටවල් 10 අතර නොවීය, දැන් ඔවුන් හොඳම 4 ට පැමිණ ඇත. 2010 දී ඔවුහු අවසාන මහා තරඟයට පෙර බ්‍රසීලය හා උරුගුවේ පරාජය කළහ. නෙදර්ලන්තයට ආජන්ටීනාව, බ්‍රසීලය හා ජර්මනිය පරාජය කළ හැකිබව ආජන් රොබන් පවසයි! ඔබ සිතන්නේ කුමක්ද?
තරඟයේ වීඩියෝව!
No comments:
Post a Comment