Monday, July 7, 2014

අමරිල්ඩෝගේ : නේමා අහිමිවූ බ්‍රසීලයට අළුත් දෙයක් වෙයි!

තම කණ්ඩායමේ සුපිරි තරුව ලෝක කුසලානයයේ අතරමැද අහිමි වීම බ්‍රසීලයට අළුත් දෙයක් නොවේ! එම තරුව නැතිව ලෝක කුසලානය දිනීමත් ඔවුනට අරුමයක් නොවේ. ව්‍යසනයකදී නැගීසිටීම ශූරයන්ගේ ලක්‍ෂණයකි.

1962 දී බ්‍රසීල කණ්ඩායම චිලී ගියේ සුපිරි තරුව පේලේ සමග!  බ්‍රසීලය මැක්සිකෝව සමග වූ ප්‍රථම තරඟය දිනුම් 2-0ට! දෙවැනි තරඟය 0-0 චෙකොස්ලෝවැකියාව සමග පේලේ ආවේ නොන්ඩි ගසමින් ආබාධයකට ලක්වී! එතැනින් පසුව ඔහු එක තරඟයකටවත් ක්‍රීඩා කලේ නෑ!
නමුත් බ්‍රසීලය 1962 ලෝක කුස‍ලානය ජය ගත්තා.







3වන තරඟය ස්පාඤ්ඤය සමග! පේලේ වෙනුවට යෙදවූයේ 22 හැවිරිදි ඇමරිල්ඩෝ! බ්‍රසීලය තරඟය දිනුවා 2-1ට! ඇමරිල්ඩෝ ගෝල 2යි! 1962 ලෝක කුසලානය දිනාගන්නකම් බ්‍රසීලය පැරදුනේ නෑ!
අවසාන තරඟය චෙකොස්ලෝවැකියාව සමඟ 3-1 ට ජයග්‍රහණය කළා! ඇමරිල්ඩෝ එම තරඟයේත් ගෝලයක් ගත්තා.






වසර 52කට පසු බ්‍රසීලයට අදත් එවන් දිනයක්! නේමාගේ හිදැස පුරවන්නට බ්‍රසීලයට ඇමරිල්ඩෝ කෙනකු අවශ්‍යයි!

22 හැවිරිදි ඔස්කා!
නැගෙන්න අඹරේ දිලී!

No comments: