Sunday, July 13, 2014

ජර්මනිය - ආජන්ටීනාව : වඩා සාර්ථක ආරක්‍ෂණ ක්‍රමවේද

ආර්ජන්ටීනාව හා ජර්මනිය නිසැකයෙන්ම තරඟාවලියේ හොඳම කණ්ඩායම් දෙක! ඔවුන් තම පිටියේ ආරක්‍ෂාව යොදාගන්නා හැටි මේ තරඟයේදී දැක ගන්නනට පුළුවන්!








ආජන්ටීනාව පුද්ගලයා ආවරණය කරනවාට වඩා කලාප ආරක්‍ෂාවට කටයුතු කරයි. ඔවුන් බෝලය ජර්මනියට තබාගන්නට දී හරි කලාපවල පීඩනය ඇතිකර බෝලය නැවත ලබාගැනීමට හා ක්‍ෂණික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරණු ඇත.  ඔවුන් විශේශයෙන්ම තොරාග්ත කලාප පිටියේ ආරක්‍ෂා කරනු ඇත්තේ ටෝනි කෘෘස් මෙහෙයවන මුලර් හා ක්ලෝස් සම්බන්ධතා වැලක්වීමටය.



ආජන්ටීනා ක්‍රීඩකයන්ද එක තැන නොරැඳී ගැඹුරට වී තම පිටිය ආරක්‍ෂා කරණු ඇත. මෙසුට් ඔසිල් හා මුලර් පසු පස හඹායාම පළක් නොවනුයේ ගෝල ලබාගත හැකි ක්‍රීඩකයන් රැසක් ජර්මානු කණ්ඩායමේ සිටින බැවිනි. එමනිසා ගෑඹූරට වී කලාප ආරක්‍ෂාව ආජන්ටීනාවේ උපක්‍රමය වනු ඇත.

ක්ලෝස්, ඔසිල් හා කෘෘස් ගේ උඩින් එන කෝණ ප්‍රහාර වලට හා දකුණේ පැති ප්‍රහාර වලට එන ආරක්‍ෂක හැමල්ස් හා ශ්රූල් ගේ උස  ගැටළුවක් ඇති නොකරනු පිණිස ගෝල කලාපය ආවරණය ආජන්ටීනාවට අභියෝගයකි. ජර්මනිය ප්‍රංශය පරාජය කළේ එම උපක්‍රමයෙනි.

ජර්මනියට නෙදර්ලන්තය කලා මෙන් මෙසී ආවරණය කිරීම අපහසු වන්නේ මේ අවසාන තරඟයේදී මෙසීගේ චලනය උපරීම වීමත්, හිගුවයින් යොදාගන "False 9" ක්‍රමවේදයට ආජන්ටීනාව ප්‍රහාරයක් එල්ල කල හැකි නිසාය. මෙසී ගැඹුරට බැස ක්‍රීඩා කිරීමත්, පැත්තට යාමත් ජර්මනියට කලාප ආරක්‍ෂා කිරීමට යොමු කරයි!



හිගුවයින් මැදි ආරක්‍ෂකයන් දෙදෙනා මැදින් විදගන යාමට උත්සාහ කරන නිසා, ජර්මනියට වඩාත් කලාප ආරක්‍ෂක ක්‍රමය යොදා ගනී. එයින් ආරක්‍ෂකයන් අතර හිදැස අඩුකර ආජන්ටීනා ප්‍රහාරකයන්ට ක්‍රියාකිරීමට ඇති ඉඩ අඩු කල හැකිය.



නෙදර්ලන්තයට එරෙහිව ආජන්ටීනාව යොදාගත් වක්‍රවූ රැල්ලක් ආකාරව පසුපෙල හා මැදපිටියේ කලාප වල එක තැන නොරැදෙන ක්‍රීඩකයන් යොදා කලාප ආවරණ ක්‍රමය තුල ජර්මනියේ සුපුරුදු ක්‍රීඩා විලාශය අවහිර කිරීම කරනු ඇත. ජර්මනිය ඊට පිලිතුරු ලෙස උස බොල, දිගු බෝල සහ හරස් පහරවල් වලින් ප්‍රහාරක කලාපයට රිංගීමට කටයුතු කරණු ඇත. ජර්මනියට කෝණ පහරවල් ලැබීම අතිශයින්ම තීරණාත්මකය.

No comments: