Saturday, July 12, 2014

බ්‍රසීලය පැරදුනේ නෑ! කතා අංක #7-1

බ්‍රසීලය තවත් වරක් තම අභිමානය ආරක්‍ෂා කිරීමේ තරඟයක නියෙලනවා අද නෙදර්ලන්තය සමග! දෙෙනාම සුපිරි පරාජිතයෝ ඔවුනට ලෝක කුසලානය දිනාගන්න තුබුණු බව ඔවුන් තවමත් විශ්වාසයේ ඉන්නේ!



අද ක්‍රීඩා කරන තෙවන ස්ථානය සඳහා තරඟය ඇත්තෙන්ම කෘෘරයි. පරාජිතයන් දෙදෙනක‍‍ු හප්පා එකකු තවත් පරාජිත භාවයට පත්කර එකෙක් ලෝකඩ කිරුලකට හිමි කරවන එකයි අදහස. අද තරඟය තියන්න තිබුනේ කොස්ටාරිකාව සහ චිලී අතර බවයි සමහරු කියන්නේ. එහෙනම් දෙපිලම සතුටින් තරඟ වදීවි.



බ්‍රසීලය සහ නෙදර්ලන්තය අද තරඟයට එන්නේ කඳුළු පුරවාගත් හදවතින්!
ඔබට නොපෙනේවි!
ඒත් පලමු විසිල් එක වදින කොට ඒ හැම දෙයක්ම අමතක වේවි!
ඒ පාපන්දු වල හැටි! හැම තරඟයක්ම අලුත්ම අත්දැකීමක්!




හිතේ මොන ප්‍රශ්න තිබ්බත් ඒවා එකතු කරලා ජවය සහ ශක්තිය කරලා පාපන්දුවට ගහන්න පුළුවන්!
අද තරඟය ජව සම්පන්න සහ වේගවත් වේවී!
හැමෝගෙම දස්කම් පෙනේවි!
තරඟයේ ප්‍රතිඵලය විවෘතයි!


බ්‍රසීලයේ පරාජය ඔවුනට හොඳක් කරලා! බ්‍රසීලය ව්‍යසනයේ මුල සොයා ජාතික පරීක්‍ෂණයක් පවත්වන්න ක්‍රීඩා ඇමති අණකරලා! ඔහුටත් වග කියන්න වන දේ තියන බව ඔහුම කියනවා!
බ්‍රසීලයේ හොඳක් වෙයි!



1994 ලෝක කුසලාන ශූර රොමෙයිරෝ කියන්නේ "ඔබ හිතන්නේ අපේ ආදරණීය ක්‍රීඩාවේ ප්‍රශ්නය ක්‍රීඩකයන්ගේ හා ස්කොලාරිගේ පමණක් කියලද? කිසිසේත් නෑ! අපේ පාපන්දු වියැකෙනවා වසර ගනණාවක්! එය කිසිම නිපුණත්වයක් නැති අධිපති වරුන් විසින් එහි සාරය උරාබොනවා! " කියලයි!

බ්‍රසීලයේ රොමේරො සදාකාලික මහා ප්‍රහාරකයෙක්. ඔහු ගෝල 5ක් ලබා 1994 ලෝක කුසලානය බ්‍රසීලයට දිනා දුන් ක්‍රීඩකයා!


"ජර්මනිය අපට අපට පාපන්දු ක්‍රීඩා කරන හැටි ඉගැන්වූවා, ඔවුන් ක්‍රීඩා කලේ අපි ක්‍රීඩා කරන්න කැමති විදියට“ ජූනීනිහෝ කියනවා.


ලෝක ශූර සිකෝ කියන්නේ "ජර්මනිය තමන් නැවත නවීකරකණය කර ගත්තා කියලා අත්පොලසන් දීමට නිහතමානී වෙමු, සම්ප්‍රදාය වෙනස් කරන්න කාලය ඇවිත්! බ්‍රසීල පාපන්දු සම්මේලනය ඔඩු දුවලා! ඔක්කොම එලවලා සුුපිරිසුදු කරන්න ඕනේ! සිනිදු පාපන්ද‍ු ෆුට්සාල් වෙනුවට පූර්ණ පාපන්දු ක්‍රීඩාවට යන්න ඕනේ"

බ්‍රසීලය අද රාත්‍රියේ නැවත සැණකෙලියක්! 
තරඟයේ ප්‍රතිපලයත් එක්ක ලොකු වෙනසක් වේවී!
ඒ බ්‍රසීලය තාමත් පාපන්දු රට නිසා!
මතු  සම්බන්ධයි!

No comments: