Saturday, July 12, 2014

ලුවිස් සුවාරෙස් යුරෝ මිලියන 75කට විකිණේ


පසුගිය තරඟවාරයේ ලිවර්පූල් කණ්ඩායමේ ගෝල යන්ත්‍රය වූ එංගලන්ත ප්‍රීමියර් ලීගයේ රන් සපත්තුව සුවාරෙස් බාසිලෝනා කණ්ඩායමට යුරෝ මිලියන 72කට ලබාදී ඇත. ලෝක කුසලාන කාණ්ඩ වටයේ උරුගුවේ හා ඉතාලිය අතර අවසාන තරඟයේදී ඉතාලියේ ආරක්‍ෂක චෙලෙයිනි හැපූ සුවාරිස්ට බාසිලෝනාවේ තරඟ 10කට සහභාගී වීමට හැකියාව නොලැබේ. බාසිලෝනාවේ මෙසී, නේමා, සන්චේස් ප්‍රහාරක බල ඇණියට සුවාරිස් ගෝල යන්ත්‍රය සවිවූ විට සිදුවන්නේ කුමක්ද?
වැඩිපුර ගෝල, වැඩි ශූරතා! වැඩි රසිකයෝ සහ ආදායම්!
එංගලන්තයේ වේගවත් තරඟයත් ස්පාඤඤයේ ටිකි ටාකාවත් අතර සුවාරිස්ගේ ශක්තිය හා වේගය බාසිලෝනාව සහ ලා ලීග කණ්ඩායම් කෙසේ දරාගනු ඇතිද?

No comments: