තරඟාවලියෙන් ඉවත්වූ රුසියාව, කොරියාව හා ඇල්ජීරියාව සහ ඇමරිකාව සමග තරඟ කල බෙල්ජියම මේ දක්වා ලබාගන ඇත්තේ ගෝල 6ක් පමණි. ගෝල 7 ලද ආජන්ටීනාවද ගෝල හිඟයකින් පෙලේ.
ආජන්ටීනාව මේ තරඟයේදී වඩාත් ශක්තිමත් කණ්ඩායමක් හා තරඟ කරයි. බෙල්ජියමේ හසාඩ්, ලුකාකු, ඩි බ්රයුන්, ඔරිගි හා ආරක්ෂක ෆෙලෙයිනි ආජන්ටීනා භාගය තුලටම රිංගා තරඟ කරනු ඇත. ආජන්ටීනාව මෙන්ම ගෝල අඩුගණනක් ලබාදුන් බෙල්ජියමේ ගෝල රකින්නන්ද , සෙබලේටා හා කම්පනිද මේ තරඟයේ කැපී පෙනෙනු ඇත.
ප්රහාරයට වඩා මැද පෙලට වී ප්රහාර මෙහෙයටවන මෙසී මේ තරඟයේදී වඩා ඉදිරියට විත් ප්රහාරත්මකව ක්රියාත්මක වේද? නැතහොත් නායකත්වයේ බර කරට ගෙන ආරක්ෂාවට මුල් තැනක් දේද?
බෙල්ජියම පරාජය කිරීමට මෙසී ඉතාමත් හොඳින් ක්රීඩා කළ යුතුවන මේ තරඟය දෙපැත්ත කැපෙන කඩුවක් සේය. ජයග්රහණය තීරණය වනු ඇත්තේ අන්තිම විනාඩියේය!
No comments:
Post a Comment