Thursday, July 3, 2014

ප්‍රංශයේ සහ ජර්මනියේ ඉතිහාසික ගැටුම සිකුරාදා!

ජර්මනිය මීට පෙර වාර තුනකදී අර්ධ අවසාන වටයට ආහ. පෘතුගාලය 4-0 ලෙස පරාජය කලමුත් පසුගිය තරඟ 3 කදී එතරම් විශ්වාසනීය අන්දමින් ක්‍රීඩා නොකලහ.



ඝානා තරඟය 2-2 ලෙස සමවූ ජර්මනිය, ඇමරිකාව 1-0 ලෙස හා ඇල්ජීරියාව 2-1 ලෙස ජයග්‍රහණය කළේය. පෘතුගාලය හැරුණු විට අන තරඟ ඔවුන් දිනාගත්තේ මහත් පරිශ්‍රමයකිනි. තරඟවල වැඩි කාලයක් බෝලය තබාගත්තද ගෝල ප්‍රහාර වැඩි් ගණනක් එල්ල කළද ජර්මනිය ගෝල හිඟයකින් පෙලේ. ක්‍රීඩකයන් 10 දෙනකු ක්‍රීඩා කල පෘතුගාල තරඟයේදී හැර ගෝල වෙනස 2 කි.




ප්‍රංශය තරඟාවලිය හොණ්ඩියුරාස් 3-0 හා ස්විට්සර්ලන්තය 5-2 පරදවමින් හොඳ ආරම්භයක් ලබාගත් නමුත් 0-0 ලෙස අවසන්වූ ඉක්වදෝරය සමග තරඟයේ ආත්ම විශ්වාසය අඩු බවක් පෙනුණි. 16 වටයේදී නයිජීරියාව 2-0 ලෙස පරාජය කල ප්‍රංශය  සුවිශේෂී තරඟකාරිත්වක් පෙන්වූයේ නැත.

ප්‍රංශය නයිජීරියාව 2-0 ලෙසද හා ජර්මනිය ඇල්ජීරියාව 2-1 ලෙසද අප්‍රිකානු කණ්ඩායම් 2ක් පරාජය කලේ අමතර කාලයේදීය.



1996 සිට ප්‍රංශය ජර්මනිය සමග පැවැත්වූ තරඟ 6කින් 4ක් ජය ලබා ඇත.


16 වටයේදී ජර්මනිය ඇල්ජීරියාව පරාජය කලේ ජර්මානු ගෝල රකින්නා මැනුවෙල් නුවර් ගේ දක්‍ෂතාවයන් නිසාය. ඔහුට වාර ගණනාවක් ගෝල කොටුවෙන් පිටතට පැමිණීමට සිදු විය.

ජර්මනියේ මැද පෙළ ශක්තිමත් අතර, ප්‍රංශයේ ප්‍රහාරකයන් දක්‍ෂය. ජර්මනියේ ආරක්‍ෂාවද හොඳය. නමුත් ජර්මනිය ඇල්ජීරියා තරඟයේ මෙන් ක්‍රීඩා කලහොත් ඔවුන් ගැටළුවකය. බෙන්සෙමා තම සුපුරුදු දක්‍ෂතාවයන්ට පැමිණියහොත් ප්‍රංශය වාසනාවන්තය.

යුරෝපයේ දැවැන්ත පාපන්දු ජාතීන් දෙකක් තරඟ වදින ජර්මානු ප්‍රංශ තරඟය ජර්මනියේ ගෝල රකින්නාගේ දක්‍ෂ තාවය මත තීරණය වේද?

No comments: