Monday, July 14, 2014

ලයනල් මෙසී : 2014 ලෝක කුසලාන තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා!

ලයනල් මෙසී 2014 ලෝක කුසලානයේ රන් බෝලය ලබා ගත්තේ නිකම්ම නොවෙයි!
තමන් අකමැති අයව අගය කරන්න අමාරු, තමන් ආදරය කරන කෙනාම හැර වෙනත් අයකු නොපෙනෙන කෙනෙකුට ලයනල් මෙසීට රන් බෝලය ලැබීම වරදක්!
හැමෝම කැමතිවන තීරණයක් ලෝකයේ ගන්නට බෑ!


ලෝක කුසලානයේ රන් බෝලය ලබාදෙන්නේ  සාමාජිකයින් 13කින් FIFA තාක්‍ෂණික අධ්‍යයන කමිටුව විසින්! මෙසී ගැන කලකිරුණ ගැරී ලින්කර් වගේම සංඛ්‍යානය අනුව මෙසී අගය කරන බෙන් මැක්ලියර් දෙදෙනාම ඊට බලපෑම් කරනවා මාධ්‍ය තුලින්! ඔවුන් සලකා බලන කරුණු තාක්‍ෂණික රැසක්!  බ්‍රසීලයේ ලෝක කුසලානයේ තරඟ 64ක්! තරඟ කිහිපයක්ද නරඹා බෝලය දිහා විතරක් බලා තීරණ ගන්න අමාරුයි! තරඟ දත්ත විශාල ගණනක් අගයා තමා ක්‍රීඩකයකු අගය කරන්නේ!



















ලයනල් මෙසී නායකත්වයෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමට කළ තරඟ 2011 -2013 දක්වා

දිනු තරඟ
Argentina 4–1 Chile
Colombia 1–2 Argentina
Argentina 4–0 Ecuador
Argentina 3–1 Paraguay
Argentina 3–0      Uruguay
Chile        1–2 Argentina
Argentina 3–0 Venezuela
Paraguay 2–5 Argentina
Argentina 3–1 Peru

සමවූ තරඟ
Argentina 1–1 Bolivia
Argentina 1–1 Peru
Bolivia 1–1 Argentina
Argentina 0–0 Colombia
Ecuador 1–1 Argentina

නිවසේ සහ පිට කල තරඟවලදී ආජන්ටීනාව 2වරක් පරාදයි!

පරාද වූ තරඟ
Venezuela 1–0 Argentina
Uruguay 3–2 Argentina

මේ තරඟ 2න් ලයනල් මෙසී ක්‍රීඩා කලේ Venezuela තරඟයට පමණයි! අමතරව ආජන්ටීනාවේ පැවති Uruguay  සහ Venezuela  තරඟ 2දීම ආජන්ටීනාව දිනුවේ 3-0ට. මෙසී ක්‍රීඩා කලා! වෙනිසියුලාවට ගෝල 2ක්! හා උරුගුවේට ගෝල 1ක් ගැහුවා!

ආජන්ටීනාව ලෝක කුසලානයට කල තරඟ 24කින්,
ජර්මනියට පරාද වූ අවසාන තරඟයත් සමග මෙසී ක්‍රීඩා කර පරාජය උනේ තරඟ 2යි!

බ්‍රසීලයේ ආජන්ටීනාව කළ  ලෝක කුසලාන 2014 අවසාන තරඟ

Argentina 2–1 Bosnia and Herzegovina
Argentina 1–0 Iran
Nigeria 2–3 Argentina
Argentina 1–0 (aet)Switzerland
Argentina 1–0 Belgium
Netherlands 0–0 (aet)(2–4 p)Argentina
Germany 1–0 (aet)  Argentina

ලයනල් මෙසී ලෝක කුසලාන තරඟ 8කදී ප්‍රසංශනීය ලෙස ක්‍රීඩා කලා!
ගෝල 4 ක් ලබාගත්තා! ප්‍රධන දැමීම් 23ක්, කැටයම් 46ක්
සංඛ්‍යාන අනුව එතරම් ක්‍රීඩා කල ප්‍රහාරකයකු නැති තරම්!
අවසාන තරඟයේදී ඔහුගේ ගෝල ප්‍රහාරයක් සුපරි නුවර් පැරදවූ අතර සෙන්ටීමීටර කිහිපයකින් ගෝලය මග හැරිණි! හිගුවයින්ගේ ගෝලයට අගියිරෝ ඕෆ්සයිඩ් නොවුණානම් ජය ආජන්ටීනාවට! හිතාගන්න බැරිදේ වෙන නිසයි පාපන්දුවල රසය!

ආජන්ටීනාවේ ගෝල ලබාගන්නා සර්ජියො අගුයුරෝ, ගොන්සාලේ හිගුවයින්, ලැවේසි සහ රොද්රිගෝ පැලකෝ තරඟාවලියේ ගෝල නියේයකින් පෙලෙන විට මෙසී තනිවම තරඟව‍‍ලට කර ගසා අවසාන තරඟය දක්වා ආජන්ටීනාව ගෙන ආහැටි අපූරුයි!

ආජන්ටීනාව බ්‍රසීලයේදී ලෝක කුසලානය දීනීමට බැරිඋවද බාසිලෝනාවේ ප්‍රහාරකයා  ඔහුගේ ආක්‍රමණික ක්‍රීඩා විලාශය පෙන්වූයේ සාර්ථකව කපාගන යාම් 46 ක් නිම කරමින්!
එය ලෝකකුසලාන අවසාන තරඟවල සියලු ක්‍රීඩකයන්ට වඩා වැඩි අගයක්.

ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩකයා මෙසී සිටි නිසා ආජන්ටීනාව අනූශූරයා උනා!
එහෙම කියන්නේ ආජන්ටීනා කණ්ඩායමේ පුහුණුකරු!







Who Scored ක්‍රීඩා සංඛ්‍යාන දත්ත අනුව

1. හොඳම ක්‍රීඩකයා ලයනල් මෙසී - ආජන්ටීනාව
2. ආජන් රොබන් - නෙදර්ලන්තය
3. ජේම්ස් රොඩ්රිගස් - කොලම්බියාව
4. නේමා ජූනියර් - බ්‍රසීලය
5. පීජැනික් - බොස්නියාව
6. රොඩ්රිගස් - ස්වීඩනය
7. තෝමස් මුලර්- තෝමස් මුලර්
8. රොන් ව්ලාර් -  නෙදර්ලන්තය
9. ඩි. විරිජ් -නෙදර්ලන්තය
10. ටිම් හාවඩ් - ඇමරිකාව
11. සර්ජි අවුරියර් - අයිවරි කෝස්ට්




තරඟවලියේ තවත් කැපී පෙනුනු ක්‍රීඩකයන් රැසක්!
ඒ හැමගේම දක්‍ෂතා 2014-15 තරඟවාර වලදී දකින්නට පුළුවන්!



ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම ජර්මනිය!



හොඳම ක්‍රීඩකයා මෙසී!
ඔහු බාසිලෝනා තරඟ වලදී නැවත දකිමු!

No comments: