Thursday, July 3, 2014

ලෝකයේ පාපන්දු බලවතා යුරෝපයද හා දකුණු ඇමරිකාවද ?

මේ වනවිට කණ්ඩායම් 8ක් දක්වා තරඟය සීමාවී ඇත.
සාම්ප්‍රදායික බෝලය තබාගැනීමේ ක්‍රමවේද පරයා ප්‍රහාරාත්මක පාපන්දු ක්‍රීඩා කල දකුණු ඇමරිකාවේ බ්‍රසීලය, කොලම්බියාව, කොස්ටාරිකාව හා ආජන්ටීනාවද යුරෝපයේ නෙදර්ලන්තය, , ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියමද ඉදිරියට පැමිණ ඇත. ඔවුන් සැම දෙනාම කාණ්ඩ ජයග්‍රාහකයෝය. තවත් දින දෙකකින් එය 4කට අඩුවනු ඇත.



ඉදිරියට එන මේ හතර කවුද?

1990 සිට දකුණු ඇමරිකාවේ පැවති ලෝක කුසලාන 7 කදී යුරෝපයෙන් ජයග්‍රාහකයකු බිහිව නැත. බ්‍රසීලය පමණක් 1952 දී යුරෝපයේ ජයග්‍රහණය කර ඇත.

මේ අනුව යුරෝපීය කණ්ඩායමකට ඉතිහාසය වෙනස් කිරීමට අවස්ථාව ඇත. ඒ විලසම යුරෝපීය කණ්ඩායම් හිස් අතින් ආපසු යැවීමට බ්‍රසීලයේ පුහුණුකරු ස්කොලාරි සහ ආජන්ටීනා පුහුණුකරු සැබෙල්ලා සැ‍ලසුම් සකසති.

ආජන්ටීනාව, බ්‍රසීලය , ජර්මනිය හා ප්‍රංශය පෙර ලෝක ශූරයන්!
නෙදර්ලන්තය අනු ශූරයෙක්! කොස්ටාරිකාව සහ කොලම්බියාව කෝඩුකාරයන්! බෙල්ජියම 1986 හතරවන ස්ථානය!

කොලම්බියා කණ්ඩායමේ දක්‍ෂතා කැපී පෙනුන 2014 තරඟාවලියේ! වැඩිම ගෝල ගණනක් වාර්ථා කලේද ඔවුන්! ජේම්ස් රොඩ්රිගස් 5ක්!
බ්‍රසීලය ඔහුගේ නිවස වගේ!


බ්‍රසීලයේ නේමා, ආජන්ටීනාවේ මෙසී මෙන්ම නැගී එන ජේම්ස් රොඩ්රිගස් ස්පාඤ්ඤයේ ලා ලීගයේ බාසිලෝනා සහ මොනෑකෝ ක්‍රීඩකයින්!

මේ තරඟාවලියේ පරාජය වූවත් නයිජීරියාව සහ ඇ‍ල්ජීරියාව දැක්වූ වේගවත් හා ආක්‍රමණශීලී තරඟ විලාශය අපූරුයි!

මේ ලෝක කුසලාන තරඟාවලියේ ආරක්‍ෂාවට සමග ප්‍රතිප්‍රහාරය පිළිබඳව විශ්වසය තැබූ කණ්ඩායම් අතර නෙදර්ලන්තය විශේෂයි. ඔවුන් ගෝල 12ක් ගෙන පෙරමුණේ.


තරඟාවලියෙන් පරාජයවූ ඉතාලිය, එංගලන්තය හා පෘතුගාලය ආදී කණ්ඩායම් වල ක්‍රීඩකයන් තම රටේ ලීගවල ඉතා හොඳින් ක්‍රීඩා කලද, ලෝක කුසලානය දිනාගැනීමට අවශ්‍ය වෙහෙස නොයෙදූ බව පෙනුණි. බ්‍රසීලයේ උණුසුම ඔවුනට හිරිහැරයක් විය.

අවසානයේ තරඟාවලිය යුරෝ

පය හා දකුණු ඇමරිකාවේ පාපන්දු සුපිරිත්වය අතර තරඟයක් වී ඇත.

අවසාන තරඟය යුරෝපීය කණ්ඩායම් දෙකක් අතර හෝ යුරෝපීය කන්ඩායම් දෙකක් අතර වීමට යුරෝපීය හා දකුණු ඇමරිකානු කණ්ඩායම් දෙකක් අතර වීමෙන් තරඟාවලියේ උණුසුම වැඩි වනු ඇත.

No comments: