Friday, July 11, 2014

ජර්මනියේ ආජන්ටීනාවට එරෙහි උපක්‍රම #4

ආජන්ටීනාව ඉතිහාසික බ්‍රසීලයේ එදිරිවාදියා ! බ්‍රසීලයේ රසිකයින් හැමදාම ජයගෝෂා කලේ බ්‍රසීලයට! දැන් ඔවුන්ට තම රටේදීම තෝරාගැනීමක් කරන්නට සිදුවෙලා! ඔවුන් තෝරාගන්නේ තමන්ට හොඳටම රිදවපු ජර්මනියද? පාරම්පරික එදිරිවාදියාද?






ලංකාව තරඟාවලියකින් ඉවත්වෙලා ඉන්දියාව එංගලන්තය සමග අවසාන තරඟ කරයි නම් ඔබ කැමති කා දිනනවාටද? බ්‍රසීල රසිකයන්ගේ තෝරාගැනීම ජර්මනිය වීම ජර්මනියට වැදගත්! ජර්මනිය ඒ සඳහා මහජන සම්බන්ධතා කටයුතු පටන් අරගන!


ආජන්ටීනාවට බ්‍රසීල මරකානා ක්‍රීඩාංගනය ඉතා හුරු පුරුදුයි! බ්‍රසී‍ල රසිකයන්ගේ එදිරිගෝෂාව ඔවුන්ට පුරුදුයි!

ජර්මනිය දිනුවොත් බ්‍රසී‍ලය හිතන්නේ තමන් පැරදුනේ ලෝක ශූරයාට කියලා! හිත හදාගන්න ඒක හොඳයි! බ්‍රසීල පාපන්දු ලෝලීන් ජර්මනියට! මෙසීට ඒක පීඩනයක් කරන්න ජර්මනිය කුමක් කරයිද?




එහි පියවරක් වශයෙන් ජර්මනිය මෙසී නවතා ලීමට මහජනයාගෙන් උදව් ඉල්ලා තියනවා! ජර්මනිය කියන්නේ අපි බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා! ජර්මන් කණ්ඩායම බ්‍රසීල රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ට ජය ගෝෂා නගන්න කියලා!


No comments: