68 වන විනාඩිය : ජර්මනියේ ෂ්රූල් ගෝලයක් ලබා ගත්තා! ඔහු ක්ලෝස් වෙනුවට ආදේශ වූ ක්‍රීඩකයා! ජර්මනිය 6-0යි.
76 වන විනාඩිය: ෆ්රනන්දිනෝගේ ගෝල පහරක් නුවර් දක්ෂ ලෙස වලකයි! බ්‍රසීලය තවමත් අවාසනාවන්තයි! 6-0
78 වන විනාඩිය : ජර්මනියේ ෂ්රූල්ගෙන් තවත් ගෝලයක්!
ජර්මනිය 7-0යි.
88 වන විනාඩිය: බ්‍රසීලයේ ඔස්කා තනිවම, ජර්මනියේ ආරක්ෂකයන් හා ගෝල රකින්නා මග හැර දර්ශනීය ප්‍රහාරයකින් ගෝලයක් ලබාගනී! බ්‍රසීලයට ජර්මනියට ගෝල ගහන්න පුලුවන්!
වෙලාව මදි!
විනාඩි 90: බ්‍රසීලය 1-7 ලෙස ජර්මනියට තරඟය පරාදයි!
ජර්මනිය බ්‍රසීලය පරාද කලේ ඔවුනගේ මකුළු දැලේ පටලවාගත් ගොදුරක් වගේ! බ්‍රසීලය තරඟය කලේ හදවතින්! මොලයෙන් නෙමේ! බ්‍රසීලය ඔවුන් මුල් විනාඩි 10 බ්‍රසීලයට ප්‍රහාර එල්ල කරන්න දුන්නා! ජර්මනිය ගැඹුරට වෙලා තම ගෝලය ආරක්ෂා කළා! 11 වන විනාඩිය වෙනකොට බ්‍රසීල ක්‍රීඩකයන් මහන්සි වෙලා! ජර්මනිය කෝණයක් ලබාගත්තා! කෝණයෙන් ගෝලයක්!
එතැන් පටන් ජර්මනිය බ්‍රසීලය මානසිකව වැට්ටුවා! ක්‍රීඩක සම්බන්ධතා අවහිර කලා!
ඊට මුහුණ දිය හැකි කණ්ඩායම් සැලසුමක් ඔවුන් ලඟ තිබූනේ නෑ!
ස්කොලාරි ගොතපු කණ්ඩායම ප්‍රධානම සාධක නැතිව බ්‍රසීලය තරඟයට ගියේ!
ඔවුනට වැරදුන හැටි විනාඩි 18ක ක විශිෂ්ඨ පාපන්දු පාඩමක්! කළ යුතු, නොකළ යුතු, විය යුතු හා නොවිය යුතු දේ ගැන සුපිරි අත්දැකීමක්! නැවත නැවත බැලිය යුතු තරඟයක්!
විනය, පාලනය, කල්පනාකාරී බව සහ සම්බන්ධීකරණය පාපන්දු තරඟය කෙතරම් වැදගත්ද යන්න මේ තරඟය කියාදේ. මේ තරඟයේ ප්‍රතිඵලය බ්‍රසීල පාපන්දු ව්‍යුහය ප්‍රශ්න කරයි!
බ්‍රසීල පාපන්දු ක්‍රීඩාව තුල තිබෙන දූෂණය හා අකටයුතුකම්ද, බ්‍රසීල ලීගයේ අඩුපාඩුද පෙන්වා දෙයි!
බ්‍රසීලයේ ක්‍රීඩකයන් බිහිවන්නේ දුප්පත්කම තුලිනි! ස්වයං අධ්‍යයනය හා වීදියේ ක්රීඩාවෙනි! ඉතා දක්ෂ හැකියාව ඇති යෞවනයෝ අයාලේ යති. සමහර බ්‍රසීල සමාජ වලට ඇකඩමි තිබුණද ඒවායේ තත්වය යුරෝපයේ තත්වයට අඩුය!
දක්ෂ බ්‍රසීල ක්‍රීඩකයෝ අඩු වයසින් රට හැර යති. ඔවුන් ඒජන්ත වරුන් හරහා ක්‍රීඩා සමාජ වලට විකිණේ. අතීතයේ බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාවට වඩා අද ක්‍රීඩාව වෙනස්! කෙසේ වෙතත් බ්‍රසීලය ලෝක කුසලානයෙන් හොඳ පාපන්දු පාඩමක් ඉගන ගත්තා!
බ්‍රසීලයට තවමත් තෙවන ස්ථානය විවෘතයි!
No comments:
Post a Comment