


දියාගෝ කොස්තා තරඟ 35කදී ගෝල 27ක් ලබාගති. දියාගෝ කොස්තා වෙනුවට ඔවුන් බයිරන් මියුනිච් වෙතින් මාරියෝ මැන්ඩුස්කික්ද, ආනන්ටීනාවේ සැන් ලෝරෙන්සෝ 19 හැව්රිදු ඒන්ජල් කොරයා ලබාගත්හ. ඔහු අනාගත සර්ජි අගුයිරෝ සේ ක්‍රීඩා කරයි. ඩේවිඩ් විලාගේ අඩුව පුරවා ගැනීමට සනල් කණ්ඩායමේ කැසරෝලා එකතු කරගැනීමට සිමියෝනි අදහස් කරයි.
ඔහු එතරම් දක්‍ෂ ලෙස පසුගිය තරඟ වාරයේදී ක්‍රීඩා නොකලද සිමියෝනි යටතේ වැඩෙනු ඇත. වම් ආරක්‍ෂක ලුවිස් ෆිලිපේ නැතිවීම පිරවීම සිමියෝනිට තිබෙන මහත්ම ගැටළුවයි. ඔහුගේ ආරක්‍ෂකයන් ෆිලිපේ, ගොඩින් හා ජුවන්ෆ්‍රෑන් තරඟවාරයේම දුන්නේ ගෝල 26කි. ඇත්ලටිකෝට ලා ලීගා ශූරතාවය දිනාගැනීමට ඔවුන් මහත් මෙහෙයක් කලහ. ජුවන්ෆ්‍රෑන්ද චෙල්සී හෝ වෙනත් කණ්ඩායමට යන්නට ඉඩ ඇත.

වයස 22 තිබස් ලා ලීගයේ හොඳම ගෝල රකින්නා වූ අතර ඇත්ලටිකෝ සාර්ථකත්වයේ බලකණුවක් වීය. ඇත්ලටිකෝ ඔටුන්න උදුරාගැනීමට රියල් මැඩ්රිඩ් හා බාසිලෝනාව විශාල මුදලක් වැයකර සුවාරිස්, රකිටැක්, කෘෘස්, රොඩ්රිගස් වැනි ක්‍රීඩකයන් ලබාගත්හ. තව දින 30කින් පටන්ගන්නා ලා ලීගයේ තම ඔටුන්න රැක ගැනීමට සිමියෝනි අභියෝගයකට මුහුණ දී ඇත. එය ඔහු කෙසේ කරයිද යන්නම ලස්සන තරඟයකි.




No comments:
Post a Comment