දියාගෝ සිල්වා ලෝක කුසලානයේ සිහින කණ්ඩායමේ මැදි ආරක්ෂක, නේමා ප්රධාන ප්රහාරක! නේමා ඩි සැන්ටෝස් හා දියාගේ සිල්වා නැති බ්රසීල තරඟයට ජර්මනිය ආවේ වාසියක් ඇතිව! ජර්මනිය තරඟයට ආවේ දැඩි ආත්ම විශ්වාසයකින්! බ්රසීලයේදීම බ්රසීලය පරාජය කරන්න ඔවුන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්න ඔවුන්ගේ සැලසුම උනේ!
ඔවුන් තරඟයට ආවේ දිනන්නද කියා සැකයක් ඇති උනා!
0 : තරඟය ඇරඹුනා! බ්රසීලය දැනටම දිනලා වගේ ජය ගෝෂාව!
3 වන විනාඩිය : බ්රසීලය වැඩිකාලයක් බෝලය තබාගත්තා, බ්රසීලයට ඔස්කා දුන් කෝණය හොඳයි.
ජර්මනියේ ජෙරෝම් වැකූවා! බ්රසීලයේ හැමදෙනාම වාගේ ජර්මන් කලාපයේ!
මාසෙලෝ දුර සිට දුන් පහර ගෝලයෙන් එලියට!
6 වන විනාඩිය : නුවර් ගෝලයක් රැක්කා! ජර්මනියේ ප්රතිප්රහාරය මාසෙලෝ වැලකුවා!
8 වන විනාඩිය : කදීරාගේ ප්රහාර ඔහුගේ සගයා ක්රූස්ගේ වැදී පිටගියා!
ජර්මනියෙන් පීඩනය!
දැන් බ්රසීලෙයන් පීඩනය!
තරඟය වේගවත්!
13 වන විනාඩිය : බ්රසීලය ජර්මන් කලාපයේ !
බ්රසීලයේ මහත් ජයගෝෂා!
බෝලය බ්රසීල පැත්තට ! ආරක්ෂකයෝ ඉදිරියට ගිහින්!
මාරසෙලෝ ආපසු දුවවිත් වැලකූවා, නමුත් කෝණයක් දුන්නා!
කෘෘස්ගේ කෝණය ප්රහාරය ඉතා ඉහලින්!
මුලර් එන බෝලයට පහසු වොලී පහරක්!
ජර්මනියේ ගෝල යන්ත්රය මුලර් ගැන බලන්න ඩේවිඩ් ලුවිස් හිටියේ නෑ හරි තැන!
ජර්මනිය 1 බ්රසීලය 0!
බ්රසීලය සසල උනා! ක්රීඩකයෝ එකිනෙකාගේ මුහුණු බැලුවා වුන දේ හිතාගන්න බැරිව!
බාලම වැරද්දක් උනේ!
18 වන විනාඩිය : ඔස්කාගේ ගෝල පහර රැකුණා!
22 වන විනාඩිය : තවමත් ජර්මනිය 1 බ්රසීලය 0
23 විනාඩිය : ක්රූස් මුලර්ට, නැවත මුලර් බ්රසීල ආරක්ෂක තිකෝණය අතරින් ක්ලෝස්ට!
ක්ලෝස් ගැහුවා! සෙසාරෝ වැලකුවා! නැවත ආවා! ක්ලෝස් නැවත ගැහුවා!
ජර්මනිය 2 බ්රසීලය 0
ලුවිස් බලාගන ඉද්දි උනේ!
මැද ආරක්ෂක දියාගෝ සිල්වා නැති අඩුව දකුණූ ආරක්ෂක ලුවිස්ට පුරවන්න බැරි උනා!
බ්රසීලය හඬන්න ගත්තා! තවමත් බ්රසීල ක්රීඩකයෝ නේමා කම්පනයේ! 2-0
25 විනාඩිය: ලාම්ගේ කෙටි කෝණය මුලර්ට, මුලර් යොමු කලා බ්රසීල ක්රීඩකයන් අතරින් පාතින් ක්රූස්ට,
එන බෝලයට මීටර් 18ක් දුර සිට ක්රූස් සැර ප්රහාරයක් !
ජර්මනියට තවත් ගෝලයක්! 3-0 යි!
ක්රීඩාපිටියේ ජර්මන් හඬ විතරයි!
බ්රසීලය නිසසලයි! මොකද මේ වෙන්නේ?
27 විනාඩිය : මයිකොන්ගෙන් බෝලය උදුරාගත් මුලර් වමේ සිටි කදීරාට, කදීරා මැද කෘෘස්ට!
කෘෘස්ගේ පහරින් ගෝලයක්!
ජර්මනිය 4 බ්රසීලය 0
31 විනාඩිය : බ්රසීල ක්රීඩකයෝ ගෝල ගහන්නට ඉදිරියට ගිහින්!
මාසේ සහ මයිකොන් තනියම! කදිරා ඔසිල්ට, ඔසිල් කදීරාට !
මාසේට ඔසිල් වලකන්න බැරි උනා
කදීරාගේ ප්රහාරය! ජර්මනිය 5-0
මෙතැනදී තමා බ්රසීලයට ඇහැරුනේ! අර්ධ කාලය වෙනකන් 5-0.
ලුයිස් කොහෙද හිටියේ!
ඔහු නේමාගේ කාරිය කරන්න ඉදිරියට ගිහින්! ආරක්ෂාව අනාතයි!
මතු සම්බන්ධයි!
No comments:
Post a Comment