Friday, July 11, 2014

බ්‍රසීලය පැරදුනේ නෑ! කතා අංක #4

ජර්මන් කණ්ඩායම ලෝකයේ සෑම දක්‍ෂ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලියක්ම අඳුරනවා! යුරෝපයේ ක්‍රීඩා කරන බ්‍රසීල ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමේ අත්දැකීම ඔවුන්ට තිබෙනවා! ඉන්දියාවේ T20-ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කල මුර‍ලිදරන්ට ගහන්න දෝනි ඉගනගත්තා වගේ! ජර්මනිය ආවේ බ්‍රසීල ක්‍රීඩකයන් හොඳින් අධ්‍යනය කරලා!


ජර්මනිය රොනල්ඩෝගේ පෘතුගාලයට ගෝල 4ක් ගැහුවේ පෘතුගා‍‍ලයේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා! පෘතුගා‍ලයේ පෙපේගේ අනිසි හැසිරීම රතුපතකින් පෘතුගා‍ල කණ්ඩායම 10ට අඩු කලා! 



පෙපේ රතුපත ගන්න තැනට ඔහු යොමු කලේ මු‍ලර්! ජර්මනිය කපටියි!





ජර්මනිය ඝානාවට 2-2ට සමවූවා. 1-0 ට ඇමරිකාව ජයගත්තේ අමාරුවෙන්! ජර්මනිය හිර කිරීමේ ක්‍රම ඔවුන් අත්හදා බැලුවා. සාර්ථකයි! 16 වටයේදී ජර්මනිය ප්‍රථම වතාවට ලෝක කුසලානයට ආ ඇල්ජීරියාව පැරදුවේ 2-1ට! ඇල්ජීරියා විනාඩි 90ක් වෙනකන් 0-0 සමවී සිටියේ! අමතර කාලයේදී ජර්මනිය 92 හා 120 විනාඩි වලදී ගෝල 2ක් ලබාගත්තත්, 121 විනාඩියේදී අබ්දෙල් ජර්මනියේ පදනම හෙලවූවා ගෝලයක් අරන්!


ප්‍රංශ තරඟයේ ගෝල වැලකුනේ ජර්මනියේ ගෝල රකින නුවර්ගේ හැකියාවට! මැට් හැමෙල්ස් ලබාගත් ගෝලය තරඟයේ එකම ගෝලයයි! නුවර් දක්‍ෂ ලෙස ගෝල රැකීම ජර්මානු ජයග්‍රහණයේ සාධකයයි!



නුවර් ලෝකයේ දක්‍ෂම ගෝල රකින්නා බවට ලෝක කුසලානයේදි පෙන්වා තිබෙනවා! ජර්මනිය හොඳින් ක්‍රීඩා නොකළ වේලාවල ඔහු ජර්මනිය රැක ගත්තා! බ්‍රසීල තරඟයට ජර්මනිය ආවේ ලෝකයේ හොඳම ගෝල රකින්නා සමග!   බ්‍රසීලයට නැති උනෙත් ඒකයි! 


බ්‍රසීලයේ ගෝල රකින ජුලියෝ සෙසා කැනඩාවෝ ටොරෙන්ටෝ FC කණ්ඩායමට ක්‍රීඩා කරන්නෙක්! ඇඟිල්ලක් කැඩී ආබාධයකට ලක්වී සිටියේ!  ඔහු දක්‍ෂ වුවත් ඔහුට කැනඩාවේ හොඳ තරඟ වාරයක් ලැබී තිබුනේ නෑ! ඔහුට ලෝක මට්ටමේ ක්‍රීඩකයන් හමුවුයේ නෑ! නුවර් ලෝකයේ හොඳම ප්‍රහාරකයන්ට මුහුණ දුන්නා යුරෝපා ශුරයන්ගේ ශුරතාවයේදී! තීරණාත්මක තරඟයකදී ඒක ලොකු වෙනසක්!




මතු සම්බන්ධයි!

No comments: