2010 රන් සපත්තුව ගත්ත, හොඳම තරුණ ක්රීඩක මුලර්, ලෝක කුසලාන රන් බෝලය හිමි ක්ලෝස් සමග ඉතාමති හොඳ අත්දැකීම් තියන කණ්ඩායමක් ජර්මනිය! බ්රසීලයෙන් විලියන්, නෙදර්ලන්තයෙන් රොබන්, ප්රංශයෙන් රිබේරි ජර්මනියේ බයිරන් මියුනිච් කණ්ඩායමේ ප්රහාරකයන් . සැමී කදීරා රියල් මැඩ්රිඩ්!
ජර්මනිය නිරන්තරයෙන් ලෝක කුසලානයට ලෑස්තිවන රටක්! ඔවුන් 2018 ලෝක කුසලානයටත් ක්රීඩකයන් බිහිකරන ඇකඩමි සෑම ප්රධාන නගරයකම තියෙනවා. ජර්මන් බන්ඩේස් ලීගය ලෝකයේ අතිශයින් ජනප්රියයි! ලෝක කුසලානය ඔන්න මෙන්න කියා තිබියදී ආබාධිත වුණු ප්රහාරක මාර්කෝ රවුස් බිහිවුයේ එලෙස!
ජර්මනිය දැඩි විනයක් සහිත රටක් සේම, තෝරාගැනීම වලදී දක්ෂතාවයට මිස ජනප්රියතාවයට නොවේ! 2014 ලෝක කුසලානයට ඔවුන් අවතීර්ණ වන්නේ හදවතට වඩා බුද්ධියෙන්! මානසික ඒකාග්රතාවයෙන්!
තෝරාගැනීමේදී සුදුස්සාට සුදුසු තැන!
ක්රීඩාවේදෛ නිසි වෙලාවට නිසි තැන!
ඒ ජර්මානු ක්රමය! සාර්ථකයි!
කතා අංක 2 දී බ්රසීල ක්රමය හා ජර්මානු ක්රමය අතර වෙනස තරඟයේදී දක්නට ලැබුණා! තරඟය ලස්සනට දිනාගන්න කියා ජර්මනියේ පුහූණුකරු ජෝකිම් කියද්දි, බ්රසීල පුහුණුකරු ස්කොලාරි කියන්නේ ගහලා ගනිල්ලා කියලා! ඒ බව බ්රසීල කොලම්බියා තරඟයේදී අප දැක්කා! කොලම්බියාවට ගහල ගත්තට ජර්මනියට ගහලා ගන්න අමාරුයි! ජර්මනිය පරාජය කල යුත්තේ ජර්මනියේ ක්රීඩා උපක්රම පරාජය කිරීමෙන්!
ලාම්, ස්වාසෙන්ටයිගර්, ටෝනි කෘෘස් ත්රිකෝණය ජර්මනියේ හදවත, ක්රීඩා එන්ජිම! එය අඩාල කිරීමට ස්කොලාරිට ක්රමයක් හිතුනේ නැත්තේ උද්දච්ච කමටද?
No comments:
Post a Comment