ප්රංශයේ අරාස් සිට රේමිස් දක්වා වූ 6වන අදියර ජයගත්තේ ජර්මන් ජාතික අන්ද්රේ ග්රේපිල්! ඔහු කිලෝමීටර 194 ක දුර පැය 04 විනාඩි 11 තත්පර 39 කින් අවසන් කළා! නිබාලි සමස්ථ කාලයෙන් පෙරමුණේ! තවමත් කහ කමිසය ඔහුගේ. ඔහුට අභියෝග කරන ෆග්සාං තත්පර 2ක් පසු පසින්! තත්පර 44ක් කාලයෙන් පසුපස සිටින සාගන් තවමත් ලකුණු අනුව පෙරමුණේ! කොල කමිසය තවමත් ඔහුට!
නිබාලි නායකත්වය දරන, ලානිල් කමිස අඳින ඇස්ටානා ප්රෝ කණ්ඩායම් අදත් හොඳින් තරඟ වැදුනා! ඔවුන් දෙවන ස්ථානයේ පසුවන බෙල්කින් ප්රෝ කණ්ඩායමට විනාඩි 4 තත් 18ක් ඉදිරියෙන්.
තවත් අදියර 15 තිබෙන ප්රංශ සවාරියේ හෙර ඉපර්නේ සිට නැන්සි දක්වා කිලෝ මීටර 254ක කඳුකර සහිත මාර්ගයක් 7.56 පමණ බෑවුම් කඳු හමුවෙනවා! තරමක් අමාරු තත්වයක්!
දවසේ ජයග්රාහකයා BOOM L., BEL, ප්රංශය
දක්ෂතම ආක්රමණිකයා - André GREIPEL, LTB, ජර්මනිය
වීඩියෝ සාරාංශය
6 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්ෂතම ක්රීඩකයා -කාලය) වින්සෙන්සෝ නිබාලි . AST ඉතාලිය
කොල කමිසය (දක්ෂතම ක්රීඩකයා - ලකුණු) පීටර් සාගන්. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්ෂතම ක්රීඩකයා - කඳු තරණය) සිරිල් ලෙමෝයින් . TFR, ජර්මනිය
සුදු කමිසය (දක්ෂතම ක්රීඩකයා - තරුණ) මිකල් ක්ව්යාටොවිස්කි. OPQ, පෝලන්තය
ජයග්රාහී කණ්ඩායම ASTANA PRO TEAM , කසාක්ස්තානය
5වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය
1. NIBALI V. AST 24h 38' 25''
2. FUGLSANG J. AST +00' 02''
3. SAGAN P. CAN +00' 44''
4. KWIATKOWSKI M. OPQ +00' 50''
5. CANCELLARA F. TFR + 01' 17''
6. VAN DEN BROECK J. LTB +01' 45''
7. GALLOPIN T. LTB +01' 45''
8. PORTE R. SKY +01' 54''
9. TALANSKY A. GRS +02' 05''
10. VALVERDE BELMONTE A. MOV +02' 11''
No comments:
Post a Comment