චිලී පරාද කල බ්‍රසීලය කොලම්බියා තරඟයට ආවේ චකිතයෙන්!


පුහුණුකරු ස්කොලාරි ෆ්‍රනාන්ඩිනෝට පැවරුණ කාරිය ජේම්ස් රොඩ්රිගස් අවහිර කිරීම! අභියෝග හුඟක් දරුණු උනා! තරඟය යුද්ධයක් වගේ උනා! ක්‍රීඩකයන්ගේ විනය නැති උනා!
තරඟය පුරා නීති විරෝධී ක්‍රියා 54ක්! බ්‍රසීලය 33යි! කොලම්බියාව 21යි!
ගෝලයක් ලබාගත්ත නායක දියාගෝ සිල්වා අනවශ්‍ය වේලාවකදී, කොලම්බියා ගෝල රකින්නාට අනිසි අභියෝගයක් කර කහපතක් ලැබුවා! ඔහුට ඊ ලඟ තරඟය තහංචි වූවා!

තරඟය අවසානයට මොහොතක් තිබියදී නේමාට කොලම්බියාවේ සුන්ගා තීරණාත්මක අභියෝගයක් කලා! එය වැරදි අභියෝගයක්! නේමා බිම ඇද වැටුනා! ඔහුගේ කොඳු ඇට පේලියේ 3වන ඇටය බිඳිලා! ඔහුට ලෝක කුසලානයේ ඉදිරි තරඟ නැති උනා!
බ්‍රසීලයම හඬා වැටුනා! ලෝකයම සසල උනා!



ඊට හේතුව බ්‍රසීලය තරඟයට අවතීර්ණ වූ විදිය! ඊට උපදෙස ලැබුණේ පුහුණු කරු ස්කොලාරිගෙන්!
මිලියන 300ක් ඉන්න පාපන්දු රටක ක්‍රීඩකයන් 11 ක් සොයා ගන්න බැරිද? පුලුවන්! දක්‍ෂ ක්‍රීඩකයන් හිටියා! මුල් තෝරාගැනීමේදීම ඔවුන්ට දොර විවෘත උනේ නෑ! ප්‍රධාන නළුවා, සහය නළුවා සහ දුශ්ටයන් සිටින චිත්‍රපටියක් වගේ! අලුත් ප්‍රධාන නළුවෙක් හොයාගන්න බැරි උනේ ඇයි! ස්කොලාරි හිටියේ ලෝකේ පුරා දුව දුව ! ඔහු පෘතුගාලය, චෙල්සි පුහුණු කලා! බ්‍රසීල ක්‍රීඩකයන් දැක්කේ නෑ!
ඊලඟට ජර්මන් තරඟයේ වගතුග!
මතු සම්බන්ධයි!
No comments:
Post a Comment