Monday, August 25, 2014

U20 කාන්තා ලෝක කුසලානය නයිජීරියාව පැරදූ ජර්මනියට









 ජර්මනිය FIFA U-20 කාන්තා ලෝක කුසලානය ජයගත්තේ තෙවන වතාවටය. ඒ සඳහා ඔවුනට නයිජීරියාව සමග කැනඩාවේ, මොන්ට්‍රියෙල්හී 1-0 ලෙස අවසන්වු තියුණු තරඟයක නියැලීමට සිදුවිය.  ජර්මන්යේ ලේනා පීටර්මන් අමතර කාලයේ විනාඩි 8කදී ‍ලබාගත් ගෝලය තරඟය තීරණය කලේය.





නයිජීරියාවේ ගෝල ප්‍රහාර 6ක් දක්‍ෂලෙස රැකගත් ජර්මන්යේ ගෝල රකින මෙයිකේ කැම්පර් තරඟයේ වීරවරිය වූවාය. රන් අත්වැසුමද ඇයට ලැබිණී. රන් සපත්තුව සහ රන්බෝලය නයිජීරියාවේ ඇසිට් ඔශෝලා දිනාගත් අතර 38 වන විනාඩියේ ඇයට ගෝලයක් මග හැරුනි.

No comments: