Monday, July 14, 2014

කිසිවකට බෑ මාව සනසන්න - මෙසී

“මේ වෙලාවේ, කිසිවකට බෑ මාව සනසන්න-  සම්මානයටවත්, වෙනදේකටවත්" මෙසී කියා සිටියා. "අපේ එකම ඉලක්කය තිබුනේ ලෝක කුසලානය ගෙදර ගිහින් ආජන්ටීනාවේ හැමෝම එක්ක සතුටුවෙන්න. අපිට මීට වඩා ‍ලැබිය යුතුව තිබූණා අපි ක්‍රීඩා කල විදියට. හරිම වේදනාවක් මේ විදියට පරදින්න” මෙසී කිව්වා.


"අපි ඉදිරිපෙල අපේ අවස්ථා ගන්න අසමත් උනා! ඔවුන් අතේ බෝලය ගොඩක් තිබුණත්, අපට නිසැක අවස්ථා තිබුණා, ඉදිරියෙන් හිටි අය අසමත් උනා ඒවා ගෝල වලට හරවන්න. අපිට අවස්ථා තුනක් තිබුණා - එකක් මට, අනික හිගුවයින්ට, ඊලඟ එක ප්ලැසියෝට" මෙසී කිව්වා.


අවසාන තරඟයේදීද මෙසී තම වේගය හා හැකියාවන් වලින් ජර්මනියේ ආරක්‍ෂකයන්ට තරඟය අමාරු කලා. විශේෂයෙන්ම පළමු භාගයේ. හොඳින්ම පෙනුනා දෙවරක්ම දුවන නවතින අනතුරුදායක කැපිල්ලට ජෙරමි බෝටෙං අසුවූ විට. දෙවන භාගයේදීත් වමෙන් හා දකුණෙන් ඔහුගේ වමෙන් එල්ල කළ පහර ගෝලය ලඟින්ම ගියේ. ඒත් ඔහු අවසානය දක්වා අත හැරියේ නෑ.

"කාලයක්ම අර්ධ අවසාන පූර්ව වටයෙන් එහාට යන්න බැරිව ඉද්දී, අපි අවසාන තරඟයට යනකන් ගියා! එකත් යම් දෙයක්! අපි මෙහෙන් යන්නේ බලාපොරොත්තු කඩවෙලා කුසලානය දිනා නොගෙන අපි තරඟ කරපු විදියට! අපිට දුකයි, තරහයි!, නමුත් දැන් අපි අනාගතය දිහා බලන්න ඕනේ!" ඔහු එකතුකළා සම්මුඛ සාකච්චාවන් ඉකමනට ඉවර කරන ගමන්!



No comments: