ජර්මනිය ලෝක කුසලානයේ තරඟ සියල්ලම ජයග්රහණයන් වල ඔහු ප්‍රධානම තුරුම්පුවක් විය. ජර්මනියේ මැදපෙල මැද සිට ඔහු ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් සම්බන්ධ කරයි! ගෝල ලබාගැනීමට ප්‍රතිවාදීන් මගහරවා දැමීම් සහ නිදහස් කලාප සොයාගැනීම ඔහුගේ ක්‍රීඩාවේ සුවිශේෂීත්වයයි!
වයස 24 බයිරන් මියුනිච් කණ්ඩායමේ මැදපිටියේ තරඟ මෙහයුම් කරන කෘෘස් දැනටමත් රන් බෝලයට යෝජිතය.
ඔහුගේ ප්‍රධානම සගයා ඉහළ පහළ ගහන රියල් මැඩ්රිඩ් කදීරා. මොවුන් ශක්තිත් ද්විත්වයේ ක්‍රියාකාරී බව හෝ වැලැක්වීම අද තරඟයේ තීරණාත්මක සාධකයකි. කෘස් තරම් තම සගයන්ට ගෝල ලබාගැනීමට අවස්ථා ලබාදෙන ක්‍රීඩකයකු ලෝක කුසලානයේ නැති තරම්. පිඟානක තියා ගෝලය ගෙන එන්නා යන අදහසින් ඔහුට බ්‍රසීලයේ ලෝලීන් ඔහුට කියන්නේ "වේටර්".
4-0 ට පෘතුගාලය පරාද කරපු තරඟයේ ඔහුගේ පාස් 79කින් පිටට ගියේ 3යි! මේ දක්වා ඔහු ගෝල 2ක්ද ලබාගන තරඟාවලිය දල්වා තිබෙනවා! 2ම බ්‍රසීලයට!
සාමාන්‍ය 92%ක් නිවැරදිව බෝලය දමන කෘෘස්, නවීන පාපන්දු ක්‍රීඩාවේ ප්‍රහාරාත්මක මැදපිටි කීඩකයකුගේ ආකෘතියකි.
අංක #18 , ඔහු හැම දෙයක්ම නිවැරදිව කරයි. ඔහුගේ දැමුම් වේගය උසස්! ඔහු හැම දේම දකිනවා! ආසන්නව පරිපූර්ණයි! ඔහු ජර්මනියේ සාර්ථකත්වයේ නියමුවා! බ්‍රසීලයට නේමා, ආජන්ටීනාවට මෙසී, ජර්මනියේ කෘෘස්.
"අපි බ්‍රසීලයට ආවේ ලෝක ශූරයන් වෙන්න, අර්ධ අවසාන තරඟයෙන් 7-1 ට දිනුවට කිසිවෙක් ලෝක ශූරයකු වන්නේ නෑ! අපිට අනිවාර්යෙන්ම තවත් ඉහලම තද ක්‍රියාකාරිත්වයක් දෙන්න වෙනවා, නැතිනම් අපි පරාද වෙයි. මට ඒත්තු ගිහින් තියෙන්නේ අපිට ඒක කරන්න පුලුවන් කියලා" ටෝනි කෘෘස් එහෙම කිව්වේ බ්‍රසීලය පරාද කරපු වේලාවේ දැනෙන හැඟීම අහපුවාම.
බලන්න ඔහු ජර්මන් ආජන්ටීනා තරඟයේදී කරන ගෝල මෙහෙයුම්!
No comments:
Post a Comment