දෙවරක් ලෝක කුසලානය දිනූ ආජන්ටීනාව සහ තෙවරක් දිනූ ජර්මනිය ආවසාන තරඟයකදී හමුවන තෙවන වතාවයි මේ.
1986 දී ආජන්ටීනාව මැරඩෝනාගේ නායකත්වයෙන් 3-2 ලෙස ජර්මනිය පරාජය කළ අතර 1994 ජර්මනිය 1-0ට ආජන්ටීනාව පරදා ලෝක කුසලානය දිනාගත්තේය.
2014 අවසාන තරඟයේදී ලයනල් මෙසීගේ නායකත්වයෙන් ආජන්ටීනාවද පිලිප් ලාම්ගේ නායකත්වයෙන් ජර්මනියද නැවත හමුවේ.
බ්රසීලය 1-7ට පරදවා ඉහල මානසිකත්වයෙන් සිටින ජර්මනිය වැඩි බලාපොරොත්තු තැබිය හැකි ගෝල ලබාගත් ක්රීඩකයින් ගණනකින් යුතුය.
මාසයක් පාපන්දු ක්රීඩා කළ රටවල් 32කින් ජර්මනිය හා ආර්ජන්ටිනාව අවසාන තරඟයට! ඔවුන් අවසාන තරඟයට ආ මග අපූරුයි! ජර්මනියේ මග ඇහිරූ පෘතුගාලය, ඝානාව, ඇමරිකාව, ඇල්ජීරියාව, ප්රංශය හා බ්රසීලය සමග තරඟ හැම එකක්ම දර්ශනීයයි! ඝානා තරඟය හැර සෑම තරඟයක්ම ජර්මනිය දිනුම්!
ආජන්ටීනාව ඊට වඩා දුශ්කර ගමන් මගක අවසාන තරඟයට ආවේ! බෝස්නියාව, ඉරානය, නයිජීරියාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය. ඒ හැම තරඟයක්ම ආජන්ටීනාව දිනුම්! අමාරුම තරඟය නෙදර්ලන්තය!
මේ ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් උද්වේගවත්ම තරඟයයි! නමුත් වේගවත්ම එක නොවේ.
ජර්මනිය සහ ආර්ජන්ටිනාව 1986 හා 1990 දී ලෝක කුසලාන අවසන් තරඟයක හමුවනා! 1986 දී 3-2 ලෙස ආර්ජන්ටිනාවට ජයග්රහණය. 1990 දී 1-0 ජර්මනියට ජයග්රහණය.
2014 දී කුමක් වේද? එය හැකියාවට වඩා වාසනාව මත රඳා පවතින තරඟයක් ලෙස සැලකිය හැක්කේ දෙපිලම සුුපිරි නිසාය.
2006 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී ජර්මනිය ආජන්ටීනාව පරාජය කළේ 4-2 ක් ලෙස දඩුවම් පහර වලිනි.
2010 දී අර්ධ අවසන් පූර්ව තරඟයේදී ආජන්ටීනාවට 4-0 ක් ලෙස ජර්මනිය පරාජය විණි. ඉතිහාසය කුමණ ආකාර උවත් ජර්මනිය හා ආජන්ටීනාව අතර තරඟය මෙසී හා මුලර් අතර ගෝල තරඟයකට වඩා යුරෝපයේ හා දකුණු ඇමරිකාවේ පාපන්දු අාධිපත්ය සඳහා වන තරඟයක් වේය.
No comments:
Post a Comment