බීබීසී තරඟ නිවේදක හා එංගලන්තය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල රැස්කල ගැරී ලින්කර් පවසන්නේ ලෝක කුසලානයේ මෙසී නිසා තමා කලකිරුණු බවයි! මේ ඔහු ආජන්ටීනා නෙදර්ලන්ත තරඟයට පසු කල විකාශය!
'
මෙසීගේ යමක් හරිමදි මේ වෙලාවේ! මම ආජන්ටීනා නායක මෙසීගේ හොඳම ලෝලියා! දියාගෝ මැරඩෝනාට පසුව ඔහුයි විශ්මිතම ක්‍රීඩකයා! නමුත් මේ බ්‍රසීලයේ මා දකින දේ අනුව ඔහු අසමත්!
සමහරු හිතන්නේ මෙසීගේ අඩුවක් නෑ කියලා!
ඔව් ආජන්ටීනාව අවසාන තරඟයට ගෙනියන්න ඔහු රැස්කලේ 4 හයයි!
බාසිලෝනාවේ ප්‍රහාරකයා පිටියේ එකතැන රැඳීම ප්‍රශ්නයක්!
මැජික් කාරයා එක තැන! නෙදර්ලන්තය අනිත් හැම කණ්ඩායමක් වගේම මෙසී ආවරණයට කෙනෙක් දැම්මා, මෙසී ටිකයි චලනය වුනේ! මම හොඳින් ඒක බැලුවා!මෙසී ආවරණය ඉතා පහසු වෙලා!
මම මෙසී ක්‍රීඩා කරණවා අවුරුදු ගනණක් බලනවා!
ඔහු හැමවිටම ප්‍රතිවාදියා හොරෙන්ම දඩයම් කරනවා අවසාන මෝහොතේ කඩා වැදීමෙන්!
ලයනල් මෙසී නෙදර්ලන්ත ගෝලයට එල්ල කල එකම පහර දඬුවම් ප්‍රහාර වලදී!
නෙදර්ලන්තයට ආජන්ටීනාව ප්‍රහාර එල්ල කල හැම වෙලාවකම ඔහු ප්‍රහාරක කලාපයට ගියේ නෑ! ඔහුගේ මැජික් විසින් ආජන්ටීනාව අමාරු අවස්ථාවලදී ගොඩ ගත්තා! නමුත් සමස්ථයක් වශයෙන් මෙසී මදි! බාසිලෝනාවේ පසුගිය තරඟවාරයේදී ඔහු හොඳටම ක්‍රීඩා කලේ නෑ! මම හිතුවේ ලෝක කුසලානයට ඔහු ආබාධ වීමෙන් වැලකෙනවා කියලා! එත් ඔහු හොඳම ශරීර සුවතා මට්ටමක බ්‍රසීලයේදී නැති බවයි පේන්නේ!
මැරඩෝනා ගානට එන්නට ඔහු මරකානාවේ ලෝක කුසලානය දිනන්න ඕනේ! ඔහු හරි වයසේ ඉන්නේ! ඔහු දැඩිව මහන්සි වී ඉන්නේ! මරකානා තරඟයේ ගෝල ලබාගන්න ඔහුට පහසු වන්නේ නෑ!
මට ඒත්තු ගැන්වී නෑ ඔහු අපි දන්න විදියට අවසාන තරඟයේදී මැරඩෝනා මට්ටමට ක්‍රීඩා කරයි කියලා! මැරඩෝනා ලෝක කුසලානය දිනනකොට ඔහුගේ උපරිමයේ හිටියේ!
මැරඩෝනා මම එදිරිව හෝ සමග ක්‍රීඩා කරපු හොඳම ක්‍රීඩකයා! ඔහු මෙසීට වඩා සැතපුම් මිලියනයක් ඉදිරියෙන් සිටියේ!
දියාගෝ මැරඩෝනා 1986 ජර්මනිය පරාජය කර ලෝක කුසලානය දිනුවා! ඔහු එංගලන්තයට එරෙහිව ගත්ත පළමු ගෝලය දිහා බලනකොට අපට එය පුදුමයක් උනේ නෑ! ආජන්ටිනාවට 1986 අප පරාජය උනේ අර්ධ අවසාන පූර්ව තරඟයේදී. මැරඩෝනාගේ වම් කකුල අත වගේ හසුරවන්නේ!
මෙසීත් වම් කකුලෙන් ක්‍රීඩා කරන්නේ! ඔවුන් දෙදෙනාටම අමාරු අවස්ථාවලින් බේරී ගෝල ගන්න හැකියාව තියනවා.
මම බාසිලෝනාවට ක්‍රීඩා කරද්දි, අපි ලෝක කණ්ඩාමට ක්‍රීඩා කලා මැරඩෝනා සමග!සිකෝ, ප්ලැටිනි, රොමේරෝ හැම ක්‍රීඩකයකුම මැරඩෝනාට ගරු කලා! ඇඟ උණුසුම් කරන කොට ඔහුට යාර 50 ක් දුරට බෝලය උඩ ගසා වැටෙන තැනට ගිහින් ආයෙ උඩ ගහනවා. ඔහු එය නොනවත්වා 12 වාරයක් කලේ ඇවිද ඇවිද? අපිත් ඒක උපරිම 3 වරක් කලා! හැබැයි දුව දුව.
නමුත් අපට අමාරුයි වෙන වෙන පරම්පරාවල ක්‍රීඩකයන් සසඳන්න. දැන් ක්‍රීඩා කිරීමෙදී ලොකු වාසියක් තියනවා! ඒ නිසා තමයි ගෝල වාර්ථා බිඳෙන්නේ! නීති ප්‍රහාරකයන්ට වාසියි!
දැන් ක්‍රීඩා පිටි සුපිරියි! 1986 තරඟය අපි ක්‍රීඩා කලේ ගෝවා පාත්තියක වගේ! ඒ වගේ පිටියකත් මැරඩෝනා ක්‍රීඩා කල හැටි විශ්මිතයි.
තොමස් මුලර් මේ තරඟය වෙනස් කරයි! ඔහු විහිලුකාරියි! පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ වගේ පෙනුම! ඒත් ඔහු ගෝල 6ක් රැස්කලා ලෝක කුසලානයේ! පළවන වතාවට රන් සපත්තුව දෙවතාවක් දිනාගනීවි ඔහු! ඔහු දේවල් දකී! ප්‍රහාරක කලාපයට විශ්මිත දිවිල්ලක්! ජර්මනියේ ගෝල ලබාගත හැකි අය තවත් ඉන්නවා!
අපි ඔවුන් බ්‍රසීලය නටඹුන් කරනවා දුටුවා!
මිරස්ලෝව් ක්ලෝස් ලෝක වාර්ථාව කැඩුවා! වැඩියෙන්ම අනතුරුදායක මැද පිටියේ කෘෘස් සහ ස්වාසෙන්ටයිගර්. ඒවගේම නිදහස් පහරවල් වලට ඉදිරියට එන මැට් හැමෙල්ස්.
මෙසී නැවැත්වීමෙන් ආජන්ටීනාව හිර කරන්න පුළුවන් උනත් ජර්මනියේ ක්‍රීඩකයන් ගණනාවක් නවතන්න වෙනවා! ප්‍රධාන වෙනස ඔවුන් කණ්ඩායමක්! ඔවුන්ගේ මැද හා ඉදිරිපෙළ ශක්තිමත්! කදීරා ආජන්ටීනාව හිර කර තබාවි!
ජර්මනිය 4 දෙනකගෙන් බ්‍රසීල තරඟයේදී ආරක්ෂා කලේ! ලාම් හොඳ ක්‍රීඩකයෙක්, නමුත් ඔහු හොඳ මැද පිටියේ ආරක්ෂකයකු නෙවේ! එමනිසා මැද විවෘත වෙනවා, ජර්මනිය ඝානා හා ඇමරිකා තරඟයේදී එය බේරාගත්තා, නමුත් කදීරා ආවේලේ සිට ප්රශ්නය විසඳුනා
ආජන්ටීනාව ආරක්ෂාවේදී හොඳයි! ඔවුන් අවසාන තරඟයේදීත් ඒක කරාවි! ඔවුන්ගේ ප්‍රහාරකයන්ට තව ජවය අවශ්‍යයි! ආබාධිත ඩී මරියා නැති එක ලොකු පාඩුවක්! ඔහුට පුදුම ජවයක් තියනවා පිටියේ ඉහල පහල යන්න. මෙසී චලනය නොවෙන නිසා ඔවුනට අමාරු වෙයි ජර්මනියට රිදවන්න.
No comments:
Post a Comment