Saturday, July 12, 2014

බ්‍රසීලය පැරදුනේ නෑ! කතා අංක #8


බ්‍රසීලය අද සහභාගී වන්නේ 2014 ලෝක කුසලානයේ තෙවැන්නා තෝරන තරඟයට! ප්‍රතිඵලය කුමක් උවත් එය අප අස්වැද්දූ බීජ වල ප්‍රතිඵල. හෙටින් පස්සේ විය යුතු දේ ගැන බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩකයකුව සිටි සීකෝ කියයි!






“දැන් අපි සිතා බලන්න ඕනේ බ්‍රසීලයේ පාපන්දු වල වැරැද්ද මොකද්ද කියලා, විශේෂයෙන් පුහුණු පාසල් ගැන සහ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න උගන්න විදිය, ලොකු වෙනසක් වෙන්න තියනව” ඔහු අවධාරනය කරනවා!


"බ්‍රසීලයේ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයන් 1,169 ක් ලෝකයේ ඉහලම ලීග වල ක්‍රීඩා කරනවා! එය ලෝකයේ කිසිම රටක නොවන තරම්! ඒත් කුසලතා තියන තරුණ බ්‍රසීල ක්‍රීඩකයෝ යුරෝපයේ ලීග වලට අපනයනය කරන එක ඔවුන්ගේ සංවර්ධනයට කරන හොඳක්ද? ඔවුන් නාස්ති වෙනවා!"

"දැන් වෘත්තීමය තත්වයට බ්‍රසීලය එන්න වෙනස්විය යුතු වේලාව, 1950 ලෝක කුසලානය බ්‍රසීලයේ පැරදුනු විට කළේ ඒකයි! දැන් මුලටම ගිහින් හදාගන්න තියෙන්නේ"  සීකෝ කියනවා!

"2012  බ්‍රසීලය ඔලිම්පික් පැරදුනාමයි ඒක කරන්න තිබුනේ"


"ස්කෝලාරි කලේ නේමා අංක 10 න් 11 කරලා ඔහුගේ නමට ජූනියර් කොටස එකතු කරපු එක! පුදුමයි ඔහු ලිවර්පූල් ගහන කොටීනියෝ ක්‍රීඩා කරන නොදැකීම"


“බ්‍රසීල කණ්ඩායම ක්‍රියාත්මක උනේ අන්ධ භක්තියක! සත්‍ය තත්වයට මුහණ දුන්නේ නෑ! මන් දැක්කා අඟහරුවාදා ඔවුන් නේමාගේ තොප්පි දගන, නේමා කමිස ඇඳගන හිටියේ! ස්කොලාරිගේ විකාර! ක්‍රීඩකයන්ට තමන් කවුද කියා අමතක උනා! බ්‍රසීලයේ හොඳම අවස්ථාව එලිපත්තේදිම නැති කළා! තවත් පාපන්දු ගහන ආසාවක් කණ්ඩායමට තියනවද දන්නේ නෑ! ඔවුන්ගේ පා මහපොළවේ නෑ!


"මම කැමතියි 7-1ට 2-1 හෝ 1-0 ට වඩා! ජර්මන් පාපන්දු අලංකාරයි! එය බ්‍රසීලයට වූ හොඳම දෙයයි!" ඔවුන් දැන් අපේ ආත්මය සොයා බලන්න ඕනේ, 1950න් පසුව වගේ! ඔබට තදින් වැඩ කරන්න හා දක්‍ෂව සිතන්න වෙනවා, කෙටි පාරවල් නෑ! නැවත ඉපදෙන්න අවස්ථාව! බ්‍රසීලය ආපහු ඒවි නමුත් ඔවුන්ට ඇහැරිලා වැඩ කරන්න වේවි ඒ සඳහාම"

මතු සම්බන්ධයි


No comments: