Saturday, July 12, 2014

ජර්මනිය අනභිබවනීය නොවේ - මගේ විශ්වාසය මෙසී! - මැරඩෝනා

ලෝක කුසලාන තරඟාවලිය කණ්ඩායමක ජයග්‍රහණයක්!
අවසාන තරඟය සුවිශේෂියි! නොසිතූ දේ වෙනවා!
එක ක්‍රීඩකයෙකුට සුවිශේෂී වෙනසක් කරන්න පුළුවන්!
මෙසී එවන් මට්ටමේ ක්‍රීඩකයෙක්!


"මෙසී නිසා තමා ආජන්ටීනාව 1990ට පස්සේ ලෝක කුසලානයේ අවසාන තරඟයට ආවේ! අප 1990 සිට අන්තිම 4ට ආවෙත් 1990ට පසුව 2014, තව එක පියවරකින් අපි ඉලක්කයට ළඟා වෙනවා, නමුත් එය පහසු වන්නේ නෑ"




"හූඟක් දේවල් මෙසී මත රඳා පවතිනවා, ප්‍රතිඵලය කුමක් උනත් මෙසී ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයා ලෙස පවතීවි!"

"ජාතියකම බලාපොරොත්තු කරතියාගන ක්‍රීඩා කරන එක පීඩනයක්! ජාත්‍යන්තර ක්‍රීඩාව හැම විටම එහෙමයි! තරඟයක් නරකම විදියට පැරදුනාම - රටම කම්පාවෙනවා! දිනුවාම සතුට පිටාර ගලනවා! නටනවා! හිනාවෙනවා, සිංදු කියනවා, අඬනවා! දකුණු ඇමරිකානුවන්ට පාපන්දු සහ පාපන්දු ක්‍රීඩකයෝ උන්මාදයක්!  

"ඒක මෙසීට වැඩිය දන්න කෙනෙක් නෑ! ඔහු ආජන්ටීනාවේ ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩා නොකරන නිසා ඔහු දැකීම ආජන්ටීනාවේ  රූපවාහිනී අත්දැකීමක්"

"ඔහු ක්‍රීඩා කරපු අර්ධ අවසාන පූර්ව වටයෙන් එහාට යන්න බැරිඋනු 2006 සහ 2010 වෙනුවට ඔහුගේ ක්‍රියාවෙන් මේ වතාවේ බලාපොරොත්තු ඉහල නැංවී තියෙනවා"



ආජන්ටීනාව අවසාන වර‍ට 1986 දී ආජන්ටීනාව 3-2 ලෙස ජර්මනිය පරාජය කරලා ලෝක කුස‍ලානය දිනාගත්තේ මැරඩෝනාගේ දක්‍ෂතා නිසා!  මේ වර ඒ වගකීම මෙසීට!


ජර්මනිය බ්‍රසීලයේ අඩුපාඩුකම් වලින් ප්‍රයෝජන ගත්තාට.
ආජන්ටීනාව නුවණක්කාරයි! ඔවුන් ඔවුන්ගේම දකුණු ඇමරුකානු සැලැස්මකට තරඟය ගෙන යයි! ආජන්ටීනාවේ ආරක්‍ෂාව ජර්මනියට වඩා හොඳයි!ඔවුන් පසුගිය තරඟ තුනකදීම ගෝල ලබාදී නෑ!



7ක් ගැහුවත් ජර්මනියට බ්‍රසීලය 1 ගෝලයක් ගැහුවා!



ඇල්ජීරියාව 1 ක් ගැහුවා! ඔවුන් ඇමරිකාවට ගැහුවේ ගෝල එකයි!



ජර්මනිය අනභිබවනීය නොවේ!

ජර්මනියට 42% ක් සමවීම 27% ක් හා ආජන්ටීනාවට 31% කියා
ඔට්ටුකරුවන් සිතන්නේ! ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනාගත්තේ දැවැන්ත ඕස්ට්‍රේලියාවට ගහලා! වෙනස කලේ අරවින්ද. 2014 T20 ලෝක කුසලාන ජයග්‍රහණයේ වෙනස කලේ මාලිංග!


2014 ලෝක කුසලානයේ වෙනස මෙසීද?

No comments: