Saturday, July 12, 2014

පරාජිතයාගේ පැතුම : 4ට වඩා 3 හොඳයි - ලුවිස් වෑන් ගාල්!



නෙදර්ලන්තයේ ලෝක කුසලාන අවසාන තරඟ සිහිනය බ්‍රසීලයේ අහසට විසිරී ගියේ ආජන්ටීනාවේ ජාවියර් මෂරානෝගේ අමතර කාලයේ අවහිරයෙන් සහ සර්ජියො රොමේරෝගේ දඩුවම් ප්‍රහාර වැලකුම් දෙකෙන්!.


"ඒක හරිම දුකක්! සිහිනයක් බිඳී ගිහින්! හැම දෙයක්ම පළමුවෙනියා වීම ගැනයි! ඒක ආපහු එන්නේ නෑ! ඒත් අපට කරන්න දෙයක් තියනවා! අපට තාමත් ඉතිහාසය ලියන්න පුළුවන් නෙදර්ලන්තය  1974, 1978 සහ 2010 තරඟ පැරදුන නිසා!"



“සෙමින් සහ විශ්වාසයෙන් අප තේරුම් ගන්නවා අප ඒ සඳහා යා යුුතු බව! ඕලන්ද කණ්ඩායමක් තවම අපරාජිතව රටට පැමිණී නෑ! ඒක දැන් අපේ ඉලක්කය!"

"මේ මගේ අවසාන තරඟය, මම හිතන්නේ ක්‍රීඩකයන්ට මට තෑග්ගක් දෙන්න අවශ්‍යයි! ඒක ජයග්‍රහණයක් සහ අපරාජිතව රටට යාම”

"තරඟ 7ක් පරාද නොවී රටට යාම විශේෂ දෙයක්"
"නෙදර්ලන්ත කණ්ඩායමේ හූඟක් තරූණ අයට නැවත ලෝක කුසලානයට තරඟ කරන්න පුළුවන්!"
"පාපන්දු වලදී නිතරම ඊ ලඟ තරඟයක් තියනවා, අපට බ්‍රසීල තරඟය දිනන්න අවශ්‍යයි! අපරාජිතව අපේ රටට යන්න හැම දෙයක්ම දුන් හැඟීමෙන්"
"3 වන ස්ථානය 4ට වැඩිය ගොඩක් හොඳයි!"



ලුවිස් වෑන් ගාල්!

No comments: